I Light

715 119 44
                                    

සුදු කමිසවලට කලු කලිසම් ඇඳගෙන එක එක්කෙනා කන්ෆර්න්ස් රූම් එකට ඇවිත් තමන්ගෙ පර්සන්ටේෂන් එක සබ්මිට් කරන කොට කලින්ම වැඩේ කරපු ලියෝ ඕඩියන්ස් එකේ ඉඳගෙන හිටියෙ නියපොත්තකුත් හපන ගමන් දොර දිහා බලාගෙන.

සුදු කමිසෙ අත් දෙක වැලමිට ගාවට නවලා බ්ලොන්ඩ් හෙයාර් එක චුට්ටක් අල්ලලා පෝනි ටේල් එකක් දාලා ඉස්සරහින් කෑලි දෙක්කුත් දාලා එක අතක ඇඟිලි එකිනෙක තෙරපන ගමන් කකුලක් උඩ කකුලක් දාගෙන නියපොත්තක් හප හප ලියෝ හිටියෙ බර කල්පනාවක රූත්ට කරපු අසමජ්ජාති වැඩේ ගැන.

"ඒ...... කෝ බන් රූත් ?"

ප්‍රොෆෙසර් පරණවිතානට පර්සන්ටේෂන් එක සබ්මිට් කරලා ලියොට ඉස්සරහ පේලියේ තාදි ගාවින් ඉඳගත්ත නූරි ඇහුවෙ ලියෝගෙන්.

ලියෝ කතා නෑ.

"අඩෝ තව විනාඩි දහයයි බං තියෙන්නෙ..... වෙලාවට සබ්මිට් කරේ නැත්තම් පලවෙනි එක්සෑම් එකම ෆේල් වෙන්නයි වෙන්නෙ උට."

අකේෂ් එහෙම කිව්වෙ ෆෝන් එකෙන් වෙලාව බලන ගමන්.

"අයියෝ ෂිට් !!! මේ පගයා ෆෝන් එකවත් ආන්සර් කරන්නෙ නෑනෙ..... මම අද උදෙත් අරගෙන කිව්වා වෙලාවට වරෙන් කියලා."

ආයෙත් පාරක් ෆෝන් එක කනේ තියාගන්න ගමන් අදීෂ් එහෙම කිව්වෙ මූණත් නරක් කරගෙන.

ලියෝ තාමත් නිහඬයි.

"ඔයැයි අපේ රූත්ට අල්ලගෙන තඩිබෑවද ඈ ? පව් අප්පා ඒ කොලුවා.... එක වහලෙ යට හිටියට මක්කද, ඔයැයිට කිසි කැක්කුමක් නෑ අපේ රූත් අයියණ්ඩි ගැන."

තාදි කට ඇද කරන ගමන් එහෙම කිව්වෙ නූරිගෙ අතකිනුත් ඇද ඇද.

ලොකු හුස්මක් අරන් පාතට දාපු ලියෝ හයියෙන් ඔලුව ගහගත්තා පුටු ඇන්දෙ තුන් පාරක්. කරපු දේ ගැන සෑහෙන පසු තැවෙන ගමන් හිටියත් ලියෝ තාමත් ප්‍රාර්ථනා කරේ අනේ රූත්ට එන්න බැරි වෙන්න කියලයි.

"Five minutes more...."

ලියෝ දිහා බලාගෙන කණ්නාඩිය හදන ගමන් ප්‍රොෆෙසර් පරණවිතාන එහෙම කියනකොටම වැහිලා තිබුන දොර ඇරුනා.

සුදු කමිසෙවත් කලිසමට හරියට යට කරලා නැතුව හති දාගෙන ඇවිත් දොරේ හැන්ඩ් එකෙන් තද කරලා අල්ලගෙන පර්සන්ටේෂන් එක තියෙන පෙන් එක ප්‍රොපාට පේන්න එක අතකින් උස්සගෙන දොර ගාව හිටියෙ වෙන කව්රුත් නෙවෙයි රූත්.

DOOM  Where stories live. Discover now