"ෂිට් ! මේ මොන පපඩම් වැඩක්ද ඕයි ? උබලැයි තාත්තා අහවල් එක කරලා එළියට එනකල්ම අපි මෙහෙම හැංගිලා බලාගෙන ඉන්න ඕනිද දැන් ?"
VIP කාමර පහෙන් අන්තිම එකේ දොර බාගෙන ඇරගෙන ඔලුව දාගෙන හිටපු ලියෝගෙ අඩ සඳවන් පශ්චාත්භාගයට පයින් පාරක් අනින ගමන් රූත් එහෙම කිව්වෙ කීවෙනි පාරටදෝ මන්දා වෙලාවත් බලන ගමන්.
"Just wait බූරුවෝ ! and what is that අහවල් එක ? how do you my dad is doing අහවල් එක ? ආහ් ! තමුසෙට ඉන්න බැරිනම් go ! here is the door......"
"දැන් මම මෙතනින් ගියාම අර කවුන්ටරේ ගෑණි හිතයි තමුසෙ මේකෙ ඇතුලෙ හස්ත කර්මාණ්තයේ යෙදෙන්නවා කියලා. මම ගියොත් තමුසෙටමයි ලැජ්ජා වෙන්නෙ."
"So what ? don't ගාන්න කුණු කුණු කන අස්සට වෙලා. Just stay here and shut up !!!!"
රූත්ව පිටිපස්සට තල්ලු කරපු ලියෝ ආයෙමත් සුපුරුදු පරිදි දොර අස්සෙන් එබිලා බලාගෙන්න ඉන්න පටන්ගත්තා.
ඒත් එක්කම ලියෝව උරහිස් දෙකෙන් අල්ලලා පිටිපස්සට ඇදලා අරගෙන බිත්තියට හේත්තු කරගත්තු රූත් ඒ ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න පටන්ගත්තා.
"මම ආයෙත් අහන්නම් , තමුසෙට ඇත්තටම මේ වැඩේ කරන්න ඕනෙද ? මොකද මම වගේම තමුසෙත් දන්නවා ඊලඟට දකින්න ලැබෙන දේ ඒ තරම් ලස්සන දෙයක් නෙවෙයි කියලා."
රූත්ගෙ අම්මත් එක්ක ලියෝගෙ තාත්තට සම්බන්ධයක් තිබ්බයි කියලා කොච්චර හංවඩු ගැහුවත් රූත්ගෙ අප්පච්චී , ආරු අයියා වගේම රූත් පවා දැනගෙන හිටියා ලියෝගෙ තාත්තගෙ පැත්තෙන් අම්මට සෑහෙන බලපෑම් ආවට එයා ඒ කිසි දේකට එකඟ නොවුන බව. ඉතින් රූත් හොඳටම දන්නවා ලියෝගෙ තාත්තා එයා හිතන තරම්වත් හොඳ කෙනෙක් නෙවෙයි කියන එක. මොන පුතාද කැමති තමන්ගෙ තාත්තා වේස කමේ යනවා බලන්න ?
"Yes I know..... dad එක්ක ඇතුලට ගිය lady තමුසෙගෙ මැරිච්ච අම්මා නෙවෙයි. So just let me see the truth."
ලියෝ හදන්නෙ කැමැත්තෙන්ම රිදවගන්න කියලා රූත් හොඳාකාරවම දන්නවා. ඒත් ඉතින් ඕනිම නම් එපා කියන්න බෑනෙ.
ලියෝගෙ දෙපැත්තෙන් අත් දෙක තියාගෙන ඒ මූණට එබීගෙන හිටපු රූත් පිටිපස්සෙ තිබුන රතු පාට බට්න් එකට හයියෙන් පාරක් ගැහුවා.
YOU ARE READING
DOOM
Mystery / Thrillerරූත් කියන්නෙ ගින්නක් නම් ලියෝ කියන්නෙ පුළුන් කෑල්ලක්. රූත්ලියෝ , එක ලඟ තිබ්බ ගමන් සූ ගාලා ඇවිලිලා යනවා.