බියර් ටින් එකක් කියන්නෙ අමුතු රහක් තියෙන හරි අමුතු දෙයක්. ගොඩක් අයට බියර් කියන්නෙ මත් වෙන්නෙ නැති දෙයක් උනත් සමහරු හරි පුදුමාකාර විදිහට බියර් වලින් මත් වෙනවා.
ලියෝ කියන්නේ බියර් ටින් දහයක් බිව්වත් දැනෙන්නෙවත් නැති කෙනෙක් උනාට රූත් කියන්නෙ එක බියර් ටින් එක්කින් අරක්කු කාලක් ගැහුවා වගේ මත්වෙන ජාතියෙ කෙනෙක්.
"Hey , Idiot you can't ride your bike එක මනකදයා වගේ වෙරි වෙලා ඉන්නකොට. Take a taxi and පලයන්."
රේසින් බයික් එක උඩට නැගලා හෙල්මට් එකේ කෑල්ල දාගන්න බැරුව දෙපැත්තට වැනි වැනි ඉන්න රූත්ට ලියෝ එහෙම කිව්වෙ බයික් එකේ යතුර ගලවලා අතට ගන්න ගමන්.
හතුරෙක් උනත් මැරෙන්න යනකොට එහෙම නිකම් බලාගෙන ඉන්න එක හොඳ නෑනෙ ඉතින්.
"මට යන්න දීපන් පාහර බල්ලො !!!! බට්ටිට හොඳටම අමාරු වෙලා කෑ ගහනවලු......... තමුසෙට ඕනි මටයි කියලා ඉන්න එකම කෙනාවත් මරාගන්නද ? ආහ් !!!! තමුසෙගෙ තාත්තා......."
වෙරිමතේ හිටියෙත් කියන්න ගියපු දේ ආපහු ගිලගත්තු රූත් ලියෝගෙ කොලර් එකෙන් අල්ලගෙන කෑ ගැහුවා.
"Why ? what's wrong with my dad ah ! තමුසෙට හොඳටම වෙරි අයිසේ....... Im not යන්න දෙන්නෙ උඹට........ what if you hit something while driving ? තමුසෙටත් ඕනි ආරු අයියා වගේ චප්ප වෙලා මැරිලා යන්නද ? ආහ් !!!!"
ඒ පාර ලියෝ එහෙම කියලා රූත්ටත් වඩා හයියෙන් කෑ ගහන්නගත්තා. ආරු අයියාට වෙච්ච දේ මතක් කරපු පාර රූත්ගෙ මූණ ක්ෂණිකව මැලවිලා ගියපු හැටි දැකපු ලියෝට එහෙම කතාවක් නොකියා ඉන්න තිබ්බා නේද කියලත් හිතුනා. ඒත් ඒක තමා ඇත්ත.
"ආරු අයියා වගේ මට මගේ නංගිත් මැරිලා යන හැටි බලන්න බෑ බං. එයාට බෙහෙත් දෙන්න මම යන්නම ඕනි ! අපරාදේ අර මගුල බිව්වෙ ෂික් !!!!! තමුසෙ.......... මාව චොර කරන්න හදපු නිසයි මම බිව්වෙ ඒක...... තමුසෙ තමා මේ සේරමට වැරදි..... ලියෝ !!!""
බයික් එකේ තෙල් ටැංකියට අත මිටිමොලවලා ගහගෙන ගහගෙන ගියා. ටික වෙලාවක් වේගෙන් හුස්ම ගත්තු රූත් ලඟතිබ්බ බිත්තියට හේත්තු උනේ ආයෙමත් ඔලුව කැරකීගෙන එනවා වගේ දැනුන නිසා.
YOU ARE READING
DOOM
Mystery / Thrillerරූත් කියන්නෙ ගින්නක් නම් ලියෝ කියන්නෙ පුළුන් කෑල්ලක්. රූත්ලියෝ , එක ලඟ තිබ්බ ගමන් සූ ගාලා ඇවිලිලා යනවා.