"රූත්.............රූත්........... ඒයි රූත්........"
තද කොල බැගී ටි ෂර්ටයකට කලු කලිසමක් ඇඳගෙන හෙඩ් ෆෝන් දෙක කනේ ඔබාගෙන හිටපු රූත්ට කව්රුහරි කතා කරනවා ලාවට වගේ ඇහුනා. කව්රු උනත් මට මොකද කියලා හිතපු රූත් තමන්ගෙ නම ඒක නෙවෙයි වගේ ඔහේ ඉස්සරහට ඇවිදගෙන ගියා.
"රූත් !!! කනේ හොටුද මනුස්සයෝ...."
කව්දෝ කෙනෙක් ටී ෂර්ට් එකේ කොනකින් අල්ලලා අදිනකොට කරන්න දෙයක් නැති කමට රූත් ඒ පැත්ත හැරුනෙ හෙඩ් ෆෝන් දෙක බෙල්ලට පාත් කරගෙන.
ඒ කොන්ඩෙ බෙල්ල ගාවටම කපලා බැගී කලිසමකට ක්රොප් ටොප් එකක් ඇඳලා හිටපු ඒ අමුතු පාට ඇස් තියෙන Tom boy girl කොහොමද තමන්ව අඳුරන්නෙ කියලා හිතාගන්න බැරි උන රූත් එක ඇහි බැමක් උස්සගෙන ඔලුව ඇල කරලා ඇයි කියලා ඇහුවා.
"මාව අඳුරන්න බෑ නේද ?"
කිසිම උත්තරයක් නොදීපු රූත් එක කෙලින් ඒ කෙල්ලගෙ ඇස් දෙක දිහා බලාගෙන හිටියා.
"ම්... ඔයාට මතකද දවසක් පාලමක් ගාවදි ඇලට පනින්න ගියපු කෙල්ලෙක්ව බේරගත්තා ?"
අවුරුද්දු දෙක්කට විතර කලින් හොඳටම තුවාල වෙලා හිටපු කෙට්ටුම කෙට්ටු කොට ගවුමක් ඇඳපු කෙල්ලෙක් පාලමකින් පැනලා මැරෙන්න යනකොට ඇදලා අරගෙන කනේ පාරක් ගහපු හැටි රූත්ට ලාවට වගේ මතක තිබුන නිසා එයා ඔව් කියන්න ඔලුව වැනුවා.
"මම තමයි ඒ කෙල්ල."
පුදුමෙන් ඇස් දෙක පොල් ගෙඩි සයිස් කරගත්තු රූත් ඒ කෙල්ල දිහා එක එල්ලෙ බලාගෙන හිටියෙ කනට ඇහෙන ඒවා අදහගන්න බැරුව. ඒ හිටියෙ කෙල්ලෙක් ඒත් මේ දැන් ඉන්නෙ කෙලි බාගයක්. නෑ නෑ කෙලි අරික්කාලක්. ඒත් මේ අමුතු ඇස් දෙකම තමයි ඒ කෙල්ලටත් තිබ්බෙ.
"හෙ හෙ......අඳුරගන්න බෑ නේද ? මට හැංගෙන්න ඕනි උනා. ඉතින් මගේ පස්සෙන් එලවපු උන්ට මාව අඳුරගන්න බැරි විදිහට මම වෙනස් උනා."
ඒ කෙල්ල හරි සැහැල්ලුවෙන් සාක්කුවට අත් දෙක දාගෙන කිව්වෙ මූණ පුරා හිනා වෙන ගමන්.
"හ්ම්....."
එදා ඒ කෙල්ලට වෙලා තිබුන විනාසෙ ඉවෙන් වගේ තේරුම් ගිය රූත් තවත් ඒ් ගැන මොකුත් අහන්න ගියෙ නැත්තෙ පරණ තුවාල පෑරෙනකොට කොච්චර රිදෙනවද කියලා එයා හොඳටම දන්න හින්දා.
YOU ARE READING
DOOM
Mystery / Thrillerරූත් කියන්නෙ ගින්නක් නම් ලියෝ කියන්නෙ පුළුන් කෑල්ලක්. රූත්ලියෝ , එක ලඟ තිබ්බ ගමන් සූ ගාලා ඇවිලිලා යනවා.