The smell of

764 124 46
                                    

DOOM නමැති ඝාතකයා තවත් බිල්ලක් ගැනීමට සැරසෙයි.

ලියෝගෙ පෝන් එකේ උඩින්ම නිව්ස් ඇලට් එකක් වැටුනා ටිං ගාලා.

රෑ අටයි හතලිස් පහයි. අම්මගෙ රෙද්ද.... ෂිට් ! නවයට Roll call එක. ඒ වෙලාවට කාමර වල එක්කෙනෙක් අඩු උනොත් ගුටි කන්න ඕනි අනිත් එක්කෙනා. දෙන්නම අඩු උනොත් දෙන්නම ගුටි යන්න ඕනි දෙගුණයක්. මෙහෙ නීති එහෙමයි.

කාමරෙන් එළියට ඇවිත් පහලට බහින පඩිපෙළ උඩ ඉඳගෙන රූත් එනකල් බලාගෙන එක කකුලකුත් හොල්ල හොල්ල හිටපු ලියෝ නිව්ස් ඇලට් එක ටච් කරා නෙවෙයි ටච් උනා.

DOOM නමැති ඝාතකයා තවත් බිල්ලක් ගැනීමට සැරසෙයි.

මීට පැයකට පමණ පෙර ජනාධිපති මාධ්‍ය අංශයේ සභාපති පී.ඩී.නිමල් ජයවර්ධන තුමාගේ වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එහිදී ආරක්ෂක අංශ හා අපරාධකරු අතර වෙඩි හුවමාරුවක්ද සිදු වී ඇත. නිමල් ජයවර්ධණ තුමා නිරුපද්‍රිතව එතැනින් මුදාගෙන ඇති නමුත් එම අපරාධකරු වෙඩි ප්‍රහාරයකට ලක්වූ බව ආරක්ෂක අංශ වැඩිදුරටත් දන්වා සිටී.

"නිමල් ජයවර්ධන.... ජයවර්ධන අංකල් !"

නිව්ස් එක දැකපු ලියෝගෙ කටින් එහෙම පිටවුනෙ මේ ලඟදි ගෙදර තිබුන පාටියකට පවා ජයවර්ධන අංකල් ආවා නේද කියලා මතක් උනාම.

නිසලව තිබුන පරිසරයෙන් එක පාරටම සද්දයක් ඇහුන ලියෝ ගැස්සලා පහල බැලුවා. කව්රුහරි කොල්ලෙක් අත් වැට බදාගෙන පඩියෙන් පඩිය අමාරුවෙන් උඩට නගිනවා.

"රූත් !"

ඔව් ඒ රූත්. එක අතකින් බඩ අල්ලගෙන අනිත් අතෙන් අත් වැටට වාරු වීගෙන හති දාන ගමන් රූත් පඩිපෙල නැගගෙන උඩට එනවා.

ඇති යන්තම් දැන් හරි ආවනෙ කියලා හිතපු ලියෝ ඉඳගෙන ඉන්න තැනින් නැගිටලා ආපහු කාමරේට යන්න පිටිපස්ස හැරෙනකොටම දඩ බඩස් ගාලා රූත් ඇදගෙන වැටුන සද්දෙ ඇහුනා ලියෝට.

ලාවට වගේ යන්තම් ඔලුව හරවලා පිටිපස්ස බලපු ලියෝ හිතක් පපුවක් නැති එකෙක් වගේ සාක්කු දෙකට අත් දෙකත් දාගෙන එහෙම්ම කාමරේ ඇතුලට ගියා.

තව විනාඩි පහයි. හරියටම පහයි නවයට.

ඇතුලට ආපු ක්ෂණිකව ආයෙමත් දොර ඇරගෙන එළියට ආපු ලියෝ ගියේ අමාරුවෙන් කෙලින් වෙන්න හදන බිම වැටුන රූත් ලඟට. වෙලාව පනින්න කලින් රූත් කාමරේට ගියේ නැත්තම් ගුටි කන්න වෙන්නෙ තමුන්ටමයි කියලා ලියෝගෙ හිත සාදාරණ එක්ස්කියුස් එකක් හදාගත්තා රූත්ට උදව් කරන්න. 

DOOM  Where stories live. Discover now