"මේ මොකද මේ ? එහාට පලයන් !"
"What's wrong ah ? I'm your boyfriend නෙ ඉතිම්....."
වැටෙන පැත්තෙ අයිනෙ සාමයෙන් සතුටෙන් නිදාගන්න හදපු රූත්ගෙ බඩ මැද්දෙන් කකුල් දාපු ලියෝ පපුව හරහා අතකුත් දාගෙන නිදහසට කරුණු විදිහට කිව්වෙ ඔන්න ඔය ටික.
"අනේ මේහ් ! ඕවටනම් එන්න එපා හරිද..... කිව්වම අහලා එහාට පලයන් මගේ යකාවුස්සන්නැතුව."
"Eww අනේ ! ඔහොමද තමුසෙ boyfriend ට talk කරන්නෙ ? shut up and sleep."
රූත්ගෙ එක අතක් උඩ ඔලුවත් තියාගෙන හරි බරි ගැහිලා ඇස් පියාගත්තු ලියෝ හිටියෙ වලස් පැටියෙක් ගහක් බදාගෙන ඉන්නවා වගේ.
කරන්න දෙයක් නැති තැන ලොකු හුස්මක් අරන් පාතට දාපු රූත් ඇස් දෙක පියාගත්තෙ බැඳගත්ත බෙරේ ගහනවා කියලා හිතාගෙන.
ඒක අලුත් දවසක්. රූත් එයාගෙ අලුත් බොයිපෙන් එක්ක ගත කරන පලවෙනි දවස.
"Hey රූත්, I want to eat පොල් toffee....... Go to කැන්ටිම and bring me කෑලි දෙකක්."
ලෙච්ච එක පටන් ගන්න විනාඩි පහකට කලින් ලියෝ එහෙම කිව්වෙ බිත්තියට හේත්තු වෙලා රූත්ගෙ බෑග් එක තිබ්බ පුටුව උඩින් කකුල් දෙකත් තියාගෙන.
"බෑ....."
සුපුරුදු පරිදි කෙටි වචනෙන් උත්තර දීපු රූත් පුටුව උඩ තිබුන ලියෝගෙ කකුල් දෙක තල්ලු කරලා බිමට දැම්මා.
"Did you said බෑ to your boyfriend ?"
මූණට වැටුන දිග කෙස් රොදක් පැත්තට කරන ගමන් ලියෝ එහෙම කිව්වෙ රූත්ට රවාගෙන.
"ඔව්.... බෑ තමයි !"
ඩොන්ට් කෙයා ලුක් එකක් දීපු රූත් එහෙම කියලා ඉස්සරහා බලාගත්තා.
"How dare you ! තමුසෙ ඔහොමද boyfriend ට සලකන්නෙ ? කිව්වෙ නම් I love you හුත්තො කියලා..... you are a fucking liar රූත්.... You රැවැට්ටුවා me.... !!!!"
රූත්ගෙ ඔලුව පිටිපස්සෙන් දිගට වැවුනු කොන්ඩෙන් අල්ලගත්තු ලියො කටර් එක වගෙ කියොගෙන කියොගෙන යනකොට වටෙ හිටපු හතරදෙනා බලාගෙන හිටියෙ කටවල් ඇරගෙන.
"ආදරෙයි බල්ලො ආදරෙයි !!! කොන්ඩෙන් අතෑරපන් මම කිරි ටොපි ගෙන්නම්....."
YOU ARE READING
DOOM
Mystery / Thrillerරූත් කියන්නෙ ගින්නක් නම් ලියෝ කියන්නෙ පුළුන් කෑල්ලක්. රූත්ලියෝ , එක ලඟ තිබ්බ ගමන් සූ ගාලා ඇවිලිලා යනවා.