පුතෙක් ඉන්නවා. ඒ පුතාගෙ ලෝකෙ වීරයා තමයි තාත්තා. තමන්ගෙ තාත්තව සතුටු කරන්න පුළුවන් ඕනම දෙයක් කරන්න ලෑස්ති වගේම හැමවෙලාවෙම තාත්තගෙ අණට කීකරු වෙන පුතෙක් තමයි එයා. ඇත්තටම එයාගෙ තාත්තා එයාව ඕනි ඕනි විදිහට නටවනවා. හැම පැත්තෙන්ම හිර කරනවා. ඒ වගේම ඒ පුතා මේ ලෝකෙ වැඩිපුරම ආදරේ වගේම වැඩිපුරම බයම කෙනා තමයි එයාගෙ තාත්තා.
ඒ පුතාගෙ නම ලියෝ ෆර්නැන්ඩො.
සති තුනකට පස්සෙ එලැඹුන ඉරිදාවක් තමයි අද. හෙට උදේ වෙද්දි පලවෙනි එක්සෑම් එකට අදාල පලවෙනි පර්සන්ටේෂන් එක හදලා ඉවර කරන්න තියාගෙනත් ලියෝ ගෙදර ඇවිත් යන්න ආවේ එයාගෙ තාත්ත එන්න කියපු නිසා.
එය කකුලක් වේගෙන් හොල්ලන ගමන් මාපට ඇඟිල්ලෙ නියපොත්ත හපාගෙන ලියෝ හිටියෙ ජාතික ඇඳුම ඇඳගෙන ඉස්සරහා ඉඳගෙන ඉන්න එයාගෙ තාත්තගෙ මූණ දිහා බලාගෙන.
"මම දැන් මේ අහන දේට ඇත්තම කියන්න ඕනි. තේරුණාද ?"
කටහඬ බර කරලා ඒ අනුකම්පා විරහිත බැල්මෙන් ලියෝ දිහා බලාගෙන එයාගෙ තාත්තා එහෙම අහනකොට ලියෝ ඔලුව හෙල්ලුවෙ ඔව් කියලා අඟවන්න.
"මොකද තමුසෙ ගොළු වෙලාද ? කතා කරනවා අයිසේ ! තේරුණාද ?"
"Ye....Yes Daddy..."
උරස් කුහරයෙන් පැනලා දුවන්න වගේ ගැහෙන හදවත ආම්බාන් කරගෙන ලියෝ එහෙම කිව්වා.
"රූත්ව හම්බුනාද ?"
"Yes. He is in the same faculty with me."
චටාස් !
ලියෝ කියලා කටගන්නවත් එක්කම ෆර්නැන්ඩො ඇමති තුමාගෙන් කම්මුල පුපුරණ තරම් හයියෙන් කම්මුල් පාරක් වැදුනා.
"Da.....daddy ? what's wrong ?"
කම්මුල පුපුරු ගැහුවත් දැනෙන්නෙවත් නෑ වගේ ඔලුව උස්සපු ලියෝ එහෙම ඇහුවෙ ඇමති තාත්තගෙ ඇස් දෙක දිහා බලාගෙන.
"තමුන්ට ඕක කලින්න කියන්න බැරි උනාද බූරුවෝ ? ඔය කොල්ලා.... ඔය කොල්ලා උගේ තාත්තටත් වඩා අන්ඩයෙක්. බැරිවෙලාවත් රූත් SIS එකට හරි CID එකට හරි ඇතුල් උනොත් අපි සේරම විනාසයි යකෝ සේරම විනාසයි !"
එහෙම කියපු ඇමිති තුමා සුදු සරමෙ කොනක් පිටිපස්සට කරලා අල්ලගෙන එහාට මෙහාට ඇවිදින ගමන් කල්පනා කරනකොට ලියෝ කල්පනා කරේ එයාලා දෙන්නා ඉන්නෙත් එකම කාමරේ කියලා කියනවද නැද්ද කියන එක.
YOU ARE READING
DOOM
Mystery / Thrillerරූත් කියන්නෙ ගින්නක් නම් ලියෝ කියන්නෙ පුළුන් කෑල්ලක්. රූත්ලියෝ , එක ලඟ තිබ්බ ගමන් සූ ගාලා ඇවිලිලා යනවා.