"තේරුම් ගන්න බ්රින්ධා !! හෙට අනිවාරෙන් අපි යමු..ඩීල් එක අතරමග දාලා යන්න බෑ..එහෙනම් හොදම දේ ඔයාලා යන එක..මමයි පුතයි ඒක ඉවර වෙලා එන්නම්.."
"ඔයාලව දාලා මම කීයටවත් යන්නෑ මලික්..විකාර කතා කියන්න එපා.."
උදේම බ්රින්ධා මලික් දෙන්නගෙ රූම් එකේ හඩ වැඩි වෙද්දි මලික් බ්රින්ධාට උපරිම හොදින් තේරුම් කරලා එලියට ආවේ ෆයිල්ස් ටිකත් අරගෙන..
"ගුඩ් මෝනින් අශෝක්..අපි යමු..කොල්ලෝ තාම නිදි ඇතිනේ.."
වොච් එක බදින ගමන් පලහට එන අශෝක්ට මලික් කියද්දී ඔලුව වනපු අශෝක් මලික් එක්කම එලියට ආවේ ඉශිතගේ අතේ තිබුණ ඔෆිස් බෑග් එක තමන්ගේ අතට ගන්න ගමන්..
ශංකර් උදේම පිටත් වෙලා තිබුණ හින්දා මේ දෙන්නත් තවත් පරක්කු නොවී වාහනේට නැග්ගා..වාහනේ බංගලාවේ ගේට්ටුවෙන් එලියට දානකං බලං හිටපු ඉශිතා ඇතුලට ආවේ ඈනුමක් යවන ගමන් පහලට බහින රෝහිත් දිහා හිනාවෙවී බලන ගමන්..
"ගුඩ් මෝනින් පුතා..හොදයි නැගිටින වෙලාව..අන්න ඩැඩී බැනලා බැනලා ගියා.."
"ඔහ් ගෝඩ් අම්මී..ගිය දවස් ටිකෙත් ඔය ඩීල් එක හින්දා අපි තුන්දෙනා නිදි මැරුවා..කෝ අරුන් දෙන්නා ??"
රෝහිත් ඉශිතා එක්කම කිචන් එකට යන ගමන් අහද්දි මාතා හිටියේ නැගිටින පිලිවෙලට කට්ටියට කිරි හදන ගමන්..
"රාජ් නං තාම නිදි..ඔන්න කරන් පුතා ජොගින් ගියා.."
"තාම මේ කොල්ලා නිදිනේ ඇත්තට..ඔහ්..රෝහිත් ගුඩ් මෝනින්.."
"ගුඩ් මෝනින් ආන්ටි.."
රාජ්ධීර්ට බනින ගමන් කිචන් එකට ආව බ්රින්ධා රෝහිත්ව දැකලා හිනාවෙලා කියද්දී රෝහිතුත් ආපිට ග්රීට් කරා..
"මාතා..ඔයා විතරද මෙහෙ වැඩට ඉන්නේ ??"
වීදුරුවකට උණු වතුර වත් කරන ගමන් බ්රින්ධා ඇහුවේ මාතා අතේ තිබුණ කිරි වීදුරුව රෝහිත්ට දෙන අතරේ..
"බංගලාව ඇතුලේ වැඩවලට මම විතරයි නෝනා..වත්තේ වැඩ කරන්න දෙන්නෙක් ඉන්නවා.."