17

340 72 39
                                    

"කොහොමද බං මං උබට ඒක විස්තර කරන්නේ..ඒක මහ අමුතු හැගීමක්..හරියට ඇතුලෙන් රස්නෙයි..එලියෙන් සීතලයි වගේ.."

යීබෝ මේ ෆෝන් එක දිහා බලාගෙන තේ එකක් බොන ගමන් ඉන්න යුගාන්ට කියන්නේ ෆ්‍රිජ් එකට හේත්තුවක් දාගෙන..

මට හරියටම කියපං උබට ස්නේහ ගැන තියෙන්නේ මොන වගේ හැගීමක්ද ?අහපු ප්‍රශ්නෙට යීබෝගෙන් ලැඹුන උත්තරය තමයි ඒක..

"මොන හරුපයක්ද යකෝ ඒක ?"

"උබට තේරුන්නෑ නෙහ්..පොඩ්ඩක් හිටපංකෝ..අහ්..කෝ තේ එක දියම්.."

යීබෝ ෆෝන් එක ප්‍රැන්ටිය උඩින් තියලා යුගාන් අතේ තිබ්බ තේ මග් එක ගද්දි යුගාන් ඇගි බැමැකුත් උස්සන් බලන් හිටියේ මූ මොකද කරන්න යන්නේ කියලා..ඒත් ඊලගට යීබෝ කරපු දේ එක්ක යුගාන් කෑ ගැහුවේ මුලු බංගලාවටම ඇහෙන්න..

"ආහ්හ් !! හු&$#තෝ !!!! "

යීබෝ දුං දාන තේ කෝප්පේ යුගාන්ගේ ස්වීට් පෑන්ට් එක ඉන ලගින් පොඩ්ඩක් ඇදලා එහෙමම ඇතුලට හැලුවේ මේ දිහා බලන් හිටිය යෙවින්ශ් එක ඇහැක් වහගද්දි..මොකද දැනුනේ නැතත් ඒ වේදනාව කොච්චරක්ද කියන්න කොල්ලෙක් උන යෙවින්ශ් දන්නවා..

"උබ මොන හු&$ ප&%# ඒ ඒ..පලයන් !!"

ඊලගට ෆ්‍රිජ් එක ඇරලා අයිස් කියුබ් ටිකක් ගත්ත යීබෝ ඒ ටික යුගාන්ගේ පිටිපස්සෙන් ස්වීන්ට් පෑන්ට් එක පොඩ්ඩක් ඇදලා ඇතුලට දැම්මේ යුගාන් උඩ පැන පැන කෑ ගහද්දි

"දැං උබට තේරෙනවා නෙහ් මගෙ හැගීම මොන වගේද කියලා.."

ආයෙත් ප්‍රැන්ටිය උඩ තිබුණ ෆෝන් එක අරගෙන ස්නේහගේ ෆොටෝ එක දිහා හිනාවෙන ගමන් බලාගෙන යීබෝ අහද්දි යුගාන් යීබෝගේ පස්සට එකක් කකුලෙන්ම ගැහුවේ ගිහින් සින්ක් එකේ ගැට්ටේ වදින්න..

"මම කියන්නෑ තොගෙ හැගීම වල් ප&%# !! දෙයියනේ මගේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්න පුලුවන් වෙයිද දන්නෑ !! "

"උබට වැලක් එවන්නම්..නගිනවද බලපං !"

යෙවින්ශ් හිනා වෙවී එලියට යන ගමන් කිවුවේ අමාරුවෙන්  පඩිපෙළ නගින යුගාන්ට..

"හා..බස්සන්න උබ වරෙං !!"

"හෙනම ගහපං බල්ලට !"

ආදර මායාව 🥀Where stories live. Discover now