"රෝහිත්..ආය පාරක් බලන්නකෝ.."
"ආන්සර් කරන්නෑ ආන්ටි ඌ.."
"අනේ මගෙ රාජ්..කොහෙද යන්නේ කියලා කිව්වෙත් නෑනේ දෙයියනේ..මම මලික්ට කතා කරනවා.."
"ආන්ටි..රිලැක්ස්..මේ වෙලාවේ අන්කල්ට කියන්න එපා..මම ඌව හොයාගෙන එන්නම්..ආන්ටි පරිස්සමට ඉන්න.."
රෝහිත් කලබලෙන් වාහනේ යතුරත් අරගෙන එලියට යද්දි බ්රින්ධා සාලේ තිබුණ දේව රූපේ ගාවට ගිහින් ප්රාර්ථනා කරේ එයාගේ පුතාට මොකුත් වෙන්න එපා කියලා..මහ රෑ පිටත් උන යීබෝගෙන් මේ වෙනකනුත් ආරංචියක් නැති වෙද්දි බ්රින්ධා වගේම රෝහිත් හිටියේ බයවෙලා..ඉතිං බැරිමතැන රෝහිත් තීරණේ කරා යීබෝව හොයාගෙන යන්න..
"ශිට් මේකා කොහෙ ගිහින් ද !!"
දැනටමත් තැන් දෙක තුනකම බලපු රෝහිත් ස්ටියරින්ග් වීල් එකට හයියෙන් පාරක් ගැහුවේ ෆෝන් එක අතට ගන්න ගමන්...වෙලාව පාන්දර එකහමාරයි..රෝහිත් රාජ්ට දහතුන්වෙනි පාරටත් කෝල් එකක් ගත්තත් ඒකත් නිශ්ඵල වෙලා ගියා..බ්රින්ධාගෙන් සැරින් සැරේ එන කෝල්ස් වලට පිංසිද්ද වෙන්න රෝහිත් තවත් කලබල උනා..
''උබ බැරි වෙලාවත් මම හිතන තැනද රාජ්..''
තමන්ගෙන්ම අහගත්ත රෝහිත් යමක් මතක් උනා වගේ දූවිලි අවුස්සමින් වාහනේ හැරෙව්වේ තමන්ට පුලුවන් වගේම පාරකට දරන්න පුලුවන් උපරිම වේගෙන් වාහනය ධාවනය කරන ගමන්..
බ්රාස්ස්ස්...
නවත්තලා තිබුණ රාජ්ගේ වාහනේ පිටිපස්සෙන්ම රෝහිත්ගේ වාහනේ නවතිද්දි තාමත් නිවිලා නැති වාහනේ ලයිට් එක වගේම රෝහිත්ගේ වාහනේ ලයිට් එක හින්දා මේ පැත්ත සැලකිය යුතු තරමින් ආලෝකමත් වෙලා තිබුණා..
"රාජ් !!"
"රාජ්..උබ ඇතුලෙද ??"
රෝහිත් වාහනෙන් බැහැලා ගියේ රාජ්ගේ වාහනේ ලගට වෙද්දි ග්ලාස් එකට තට්ටු කරමින් රෝහිත් ඇහුවත් රැහැයි හඩ ඇරෙන්න රෝහිත්ට උත්තරයක් ලැබුණේ නෑ..
"රාජ්ධීර් !! "
වටපිට බලන ගමන් රෝහිත් කෑ ගැහුවේ සද්දෙන්..ඉතිං අන්තිමට රෝහිත් තීරණය කරා රාජ්ධීර්ව හොයන්න..ෆෝන් එකේ ෆෑශ්ලයිට් එක දාගත්ත රෝහිත් කැලේ පැත්තට අඩිය තිබ්බා..