"අම්මලා හොයනවද දන්නෙත් නෑ බං !!"
"අපි පොඩි උන් නෙවෙයි නෙහ්..අනික තව වෙලා තියෙනවා පූජාව ඉවර වෙන්න..පොඩි මාමත් ඉන්නවනේ..අවුලක් නෑ.."
"ආ..ආ..මේ තොපි මාව අල්ලන්නෑ !! අන්තිමට රිවී මගෙ බෙල්ල කයි උබලවත් නරක් කරනවා කියලා !"
තරුණ පරම්පරාව දැං මේ ඉන්නේ කෝවිල පිටිපස්සට වෙන්න තියෙන කැලේ මැද්දේ..වැඩිහිටි පරම්පරාව බොහොම ශ්රද්ධාවෙන් පූජාව කරත් තරුණ පරම්පරාවට ආව වෙලාවේ ඉදන් ඕන උනේ වටපිට බලන්න යන්න වෙද්දි අවස්ථාවක් ලැබුණ හැටියේ කට්ටිය අම්මලගේ ඇස් වහලා කැලේට පැන්නා..එතකොට මෙතන වැඩිමලා උනේ මලික්ගේ මල්ලි..ඒ කියන්නේ තරුණ පරම්පරාවේ පොඩි මාමා..
"අපෝ පොඩි මාමේ..චූටි මාමට ඔච්චර බය ඇයි ??"
"උබලා කෙල්ල කියන දේ අහලා ඉන්නවා වගේ තමයි ඉතිං !!"
මූණ ඉස්සරහට වැටුණ වැලක් අයින් කරගෙන ඉස්සරහට යන ගමන් ආක්ෂු කිවුවේ කට්ටිය හිනා වෙද්දි..
"මිස්ටර් ආර්යන් නැති හින්දද අද උබ මූඩ් ගහලා ?"
වැඩි කතාවක් නැතුව යන යුගාන් ගාවට ලං වෙලා යෙවින්ශ් ඇහුවේ රණ්ඩු වෙන්න පොටක් පාද ගන්න වෙද්දි යුගාන්ට උවමනාවක් තිබ්බේ නෑ ඒකටවත් උත්තර දෙන්න..
"මොනව උනත් පට්ට කද නෙහ්..එදා මම රූම් එකට යද්දි බාතෲම් එකේ ඉදන් එලියට ආවා..අම්මාහ්..ආය ඉතිං.."
යෙවින්ශ් අතිශයෝක්තියෙන් ආර්යන්ව වර්ණනා කරද්දී නං යුගාන් ඇස් දෙකත් හීනි කරගෙන යෙවින්ශ් දිහා බැලුවා..
"ම්ම්..ඉතිං උබ ට්රයි කරලා බැලුවේ නැද්ද ?"
යුගාන්ගෙන් හිතපු නැති උත්තරයක් එද්දි යෙවින්ශ් ටිකක් පුදුම උනා..යුගාන් උනත් දන්නවා යෙවින්ශ්ට ඕන ටිකක් රණඩු වෙන්න කියලා..කොහොමහරි මේ සංවාදේ මෙහෙම යද්දි අනිත් කට්ටිය ටිකක් ඉස්සරහට ගිහින් තිබුණා..ඉස්සරහට තියෙන්නෙත් කැලෑව උනත් පූජාව තියනවට වඩා කට්ටියට මේක විනෝධජනක උනා..
"රාජ්..!"
"රාජ්.."
"රාජ්ධීර් !!"