"ම්හ්..අතා..රින්න.."
ස්නේහ යීබෝ ගේ දරදඩු අත්වලින් මිදෙන්න උත්සහ කරත් ස්නේහට දැණුනේ වේදනාවක් වෙද්දි යීබෝ දිහා ස්නේහ ඔලුව උස්සලා බැලුවේ බොද උන ඇස්වලින්..
"කියපං..උබ කවුද ?? අර කැලෑවේ මොකද කරේ ආ ??"
"මම..කෑ..ලේ ??"
"උබව හුරතල් කරන්න මම ආවේ නෑ ස්නේහ !! මට කියපං අච්චර රෑ වෙලා උබ මොකද ඒ කැලයක් ඇතුලේ කරේ ??'
යීබෝ ස්නේහව තල්ලු කරන ගමන් පිටිපස්සට වෙලා ඇහුවේ කේන්තියෙන් වෙද්දි ස්නේහට හිතාගන්න බැරි උනා යීබෝ මේ අහන්නේ මොකක් ගැනද කියලා..මොකද ඊයේ ස්නේහ බංගලාවෙන් පිටට ගියේ නෑ..
"ආශ් !! මට මොකුත් මතක නෑ !! මට මතක අන්තිමට තමුසෙව දැක්ක කියන්න විතරයි !! කියපං මොකක්ද එතන සිද්ද උනේ ??"
යීබෝ තමන්ගෙම කොණ්ඩෙන් ඇදගන්න ගමන් කෑ ගහද්දි ස්නේහ ගැස්සුනා..යීබෝට කොච්චර තරහ ගියත් ස්නේහ ඒ ගැන නොදන්නවා නං නිහඩ බව ඇරෙන්න වෙන පිලිතුරක් නෑ..
"ම..ම..ගෙදර..නේ හිටියේ..මහ..ත්තයා.."
"නෑ !! මට මතකයි !! තමුසේ තමයි මාව අල්ලගත්තේ !! ආශ් !! මගෙ ඔලුව.."
"අනේ මහත්තයා !!"
යීබෝ ඔලුව අල්ලගෙන වේදනාවෙන් කෑ ගහද්දි බයෙන් හිටපු ස්නේහගේ කකුල් ඉබේම යීබෝ ගාවට ඇදුණා විතරයි නෙවෙයි යීබෝව අල්ලගෙන ඇදෙන් වාඩි කෙරෙව්වා..
"මේ..වතුර එක.."
ස්නේහ වතුර වීදුරුවක් යීබෝට දික් කරද්දී එකපාරක් ස්නේහ දිහා බලපු යීබෝ ඒක ඇදලා අරගෙන එක උගුරට වතුර එක හිස් කරා..යීබෝට හරි මතකයක් තිබ්බේ නෑ ඊයේ රෑ ගැන..එයාට මතක තිබ්බ එකම දේ එයාව වැටෙන්න යද්දි ස්නේහ එයාව අල්ලගත්තා කියලා විතරයි..ඒත් ස්නේහ හිටියේ ගෙදර නං ඒ කවුද ? සමහරවිට හිතේ මැවුණ රූපයක් විතරද..යීබෝට එහෙමත් හිතුණා..ඒත් ඇයි හිතේ ඇදුණ කෙනා ස්නේහම උනේ ?
"මම යනවා !!"
කොහොමහරි යීබෝ ඒවා ගැන හිතන එක නවත්තලා නැගිට්ටා..මොකද ප්රශ්නයක් තිබුණත් ඒකෙ එල්ලිලා ඉන්න කෙනෙක් නෙවෙයි යීබෝ කියන්නේ..කාලයට විසදන්න දීලා තමන්ගේ වැඩ කරගන්න කෙනෙක්..ඉතිං යීබෝ එලියට යන්න නැගිට්ටම ස්නේහත් යීබෝගෙන් එහාට ගිහින් හිටගත්තා..