කලිං එකට වගේ මේකටත් කමෙන්ට්ස් තිබ්බොත් මං සතුටින් 🥲
"තමුසෙ කොහොමද මට වඩා ආර්යන් ලස්සනයි කියන්නෙ ආක්ෂු ??"
"ආර්හ්..අහන්නකෝ බබා..මට ඒ වෙලාවේ තරහ ගිහින්නේ හිටියේ !!පොඩ්ඩක් අවුස්සන්නනේ කිවුවේ "
"තරහ ගිහින් හිටියත් ඔයා කොහොමද එහෙම කියන්නේ ආක්ෂු ?? මට තේරෙනවා තමුසේ දැං මට ආදරේ නෑනේ !!"
"අයියෝ බබා..මම ටිකක් අවුස්සන්න විතරයි කිවුවේ..දැං ඕක ඇති !!"
යෙවින්ශ් වගේම යුගාන් මෝනින් ඩ්රින්ක් එකත් බොන ගමන් සෝෆා එකේ ඉදගෙන බලාගෙන ඉන්නේ අලුත් අමුත්තා හින්දා රණ්ඩු වෙන මේ අලුත බැදපු කපල් එක දිහා..
"අයිගෝ..අප්පත්තී !! ඔය දෙන්නා කට වාගන්නකෝ !!"
බැරිම තැන මේ අලුත බැදපු ජෝඩුවට මැදි වෙලා ඉන්න තවත් එක ජීවියෙක් කෑ ගැහුවේ යෙවින්ශ් යුගාන් දෙන්නම ඒ පැත්ත බලද්දි..කොණ්ඩෙ ගොතන ගමන් කන අස්සෙම කෑ ගහන එයාගේ තාත්තිට අවුරුදු හතරක් වයසැති පුංචි කෙල්ල කිවුවේ රවන ගමන්..
"ප්ලීස් රිවී..කෝ හිනාවෙන්නකෝ පැටියෝ..මට වැඩට යන්න ඕනේ..."
ආක්ෂු ඇවිත් පොඩි කෙල්ලගේ කොණ්ඩෙ ගොතන එයාගේ හස්බන්ඩ්ගේ බද වටේ අතක් යවන ගමන් කිවුවේ වටපිටේ ඉන්න අය ගැනවත් සැලකිලිමත් නොවී..
"කැහ්..කැහ්..."
මේ දිහා බලන් හිටිය යුගාන්ට කැස්සක් එද්දි ඉන්නේ කොහෙද කියලා මතක් උනා වගේ ආක්ෂු රිවීගේ බද වටේ එතිලා තිබුණ අත් ගලවගත්තේ මෝඩ පහේ හිනාවක් දාන ගමන්..
"තාත්ති ඉනාවෙන්න..අප්පත්තිට නන්න.."
පොඩි කෙල්ල ලොකු කෙනෙක් වගේ රිවීට තරවටු කරේ හැමවෙලේම ඔරවගෙන ඉන්න යෙවින්ශ්ටත් හිනාවක් යද්දි..
"චූටි මල්ලි..තාම ගියෙ නැද්ද ?? අයියා බලන් ඉන්නවා..""
තාමත් එයාගේ පවුල එක්ක හුරතල් වෙන ආක්ෂුව දැකලා බ්රින්ධා කෑ ගහද්දි ආක්ෂු අවුලෙන් වගේ බැලුවේ රිවී දිහා.විහිලුවක් මෙච්චර දුරදිග ගෙනියන්න එයාට ඕන උන්නෑ..ආක්ෂු හැමදාම උදේට වැඩට යද්දි ලැබෙන හාදුව අද නොලැබෙද්දි රිවී ගානක් නෑ වගේ පොඩි කෙල්ලගේ කොණ්ඩෙම එල්ලිලා හිටියා..