15

350 56 45
                                    

"මෙච්චර දේවල් !! මට ලොරියක් අරගෙන තමා යන්න වෙන්නේ අම්මා.."

යීබෝ උඩට කරලා අල්ලන් ඉන්න බඩු ලිස්ට් එක දිහා උඩ ඉදන් යටට බලන ගමන් කිවුවේ යුගාන් මේ දිහා බලාගෙන හිනා වෙද්දි..මොකද එයා යංතං බඩු ගේන්න යන වැඩෙන් අයින් උනා..

"එහෙම තමයි ලමයෝ..පූජවට ඔය ඔක්කොම ඕනේ..ඕන්නං යුගාව එක්කන් යන්න !!"

යීබෝගේ මූණට නක්කල් හිනාවක් එද්දි යුගාන් ඇස් දෙක ලොකු කරගත්තේ ඔලුව දෙපැත්තට වනන ගමන්..ඊට වඩා දැං කර කර ඉන්න මල් අමුණන වැඩේ දාහෙන් සම්පතක් කියලා යුගාන්ට හිතුනා..

"මේකයි නැන්දා..දැං ඕකෙ තියෙන බඩු ගැන දන්න කෙනෙක් වෙන්නත් එපැයි නෙහ්..මමයි යීබෝවයි දෙන්නම වැඩිය දන්නැති හින්දා ඒක හොද අදහසක් නෙවෙයි..නැද්ද බං ?"

යුගාන් කිවුවේ ලග ඉදගෙන මොනවහරි ඔතන යෙවින්ශ්ට ඇහැක් ඉගි මරලා වෙද්දි යෙවින්ශ් බයෙන් හිටියේ ඊලග වාසනාවන්තයා එයා වෙන්න පුලුවන් හින්දා...

"එහෙනම් රිවී මල්ලි එක්ක යන්න.."

"අම්මා !! එයා දියාව බලනවානේ.."

යීබෝ කියද්දී බ්‍රින්ධා වෙන කාව හරි හොයන්න වගේ වටේ බැලුවේ ඒත් එක්කම ස්නේහ මාතා එක්ක බංගලාවේ දොරෙන් ඇතුල් වෙද්දි..

"ආ..ආලියා දුව එක්ක යන්න..දෙන්නත් එක්ක රවුමක් දාලා එන්න පුලුවන් නෙහ්.."

අන්තිමට බ්‍රින්ධා කියද්දී බලන් ඉද්දි යීබෝගේ මූණ ඇද උනේ ස්නේහගේ අවදානෙත් මේ පැත්තට ලැබෙද්දි..

"ආලියා දන්නවද මේ කෑම තෝරන්න අම්මා !! මට ඕනේ මේවා ගැන දන්න කෙනෙක් !!"

බැරිම තැන යීබෝ කෑ ගැහුවා බ්‍රින්ධට මේක තේරුම් කිරීමේ පරම චේතනාවෙන්..

"කෙලින්ම කියපං උබට කා එක්කද යන්න ඕනේ කියලා !!"

තවත් මේක අහගෙන ඉන්න බැරිම තැන යෙවින්ශ් කිවුවා..යුගාන් දන්නවා යීබෝ මේ කාවද ඉල්ලන්නේ කියලා..ඒත් බ්‍රින්ධගේ අවසරයක් නැතුව ස්නේහව යෝජනා කරොත් මෙතන ප්‍රශ්නයක් වෙයි කියලා යුගාන් කටවහගෙන හිටියා..

"රාජ්..මට පොත් වගයක් ගන්නත් තියෙනවා..මම එන්නද.."

නතාලි අහිංසක විදිහට අහද්දි යීබෝ කොහොමද බෑ කියන්නේ..අනික එදා යීබෝමයි කිවුවේ ඕන මොනවහරි තියෙනවා නං ගන්න යමුයි කියලා..

ආදර මායාව 🥀Where stories live. Discover now