Sunghoon's POV
සීතලට ගුලිවෙලා හිටිය උණුසුම් පොරෝනාව මගෙන් කවුරුහරි උදුරගන්නවා දැනෙනවත් එක්කම කන් දෙක ගාවින් ඇහුණ බෙරිහන් දීමට මගේ සුවපහසු නින්ද කඩලා දාන්න ගියෙ තත්පර ගානයි..
"නැගිටිනවා මෝඩ අලියෝ..ප්රැක්ටිස්වලට පරක්කු වෙනවා.."ඒ එක්කම මගේ මූණට වැදුණෙ තද කොට්ට පාරක්..වෙනදා වගේම තවත් සාමාන්ය දවසක් ආරම්භ වෙනවා කියන්න ඉඟි තමයි මේවා...
"යාහ්..යේජියා..කටවහගෙන යනවා යන්න මට නිදාගන්න ඕනෙ තව ටිකක්.."අතපත ගාලා ආයෙමත් බ්ලැන්කට් එක හොයාගෙන ඔළුවෙ ඉඳන්ම පොරවගෙන නින්දට වැටෙන්න හැදුවත් යේජී කලේ මේ වතාවෙත් බ්ලැන්කට් එක ඇදලා ඇඳෙන් බිමට දාපු එක..
"ඔප්පාහ්....."යේජිගෙ යටිගිරියෙන් කෑ ගැහිල්ලට ඇඳ ගාව බිම නිදාගෙන හිටිය ගේවුල් බය වෙලා උඩ බුරන්න ගත්තෙ එකම විනාසයක් කරන ගමන්..
"ආහ්..ඇයි????"මම ඇඳ උඩින් වාඩි වුණේ නිදිමත පිරුන ඇස්වලින්..
"තමුසෙට හැමදාම කියනවා ඔහොම කෑ ගහලා නැගිට්ටවන්න එපා කියලා යේජි..එකපාරම නැගිට්ටම දවසම අවුල් යනවා..හරියට ප්රැක්ටිස් කරගන්නවත් බෑ.."පිජාමා එක අතින් හදාගන්න ගමන් මම යේජිට කිව්වෙ ඇස් පියාගෙනමයි..
"ඇත්තට..මහ ලොකු ෆිගර් ස්කේටර් පාර්ක් සන්හූන්..ඔය කියන විදිහට කතා කරද්දි නැගිටිනවා නම් නවය වෙනකම් මට තමුසෙව නැගිට්ටවන්න සිද්ධ වෙනවද?"යේජි කිව්වෙ මගෙ ඔළුවටත් පාරක් ගහන ගමන්..
"මොකක් නවය??ආයිෂ්..හය වෙද්දි ප්රැක්ටිස් පටන් ගන්නවා කියන්න තමුසෙ දන්නැද්ද?"
ජනෙල් වැහිලා තිබ්බ ඝනකම් තිර රෙදි මෑත් කරන්නවත් කාලය ගත නොකර ඇඳෙන් පැන්න මම ටවල් එකත් ඇදගෙන දිව්වෙ බාත්රූම් එකට..
"අතපය හප්පගන්නෙ නැතුව පරිස්සමට පල්ලෙහට එනවා ඔප්පා..තව සතියකින් ඔයාට කොන්සර්ට් එකක් තියෙනවා..පහළට එනවා ඉක්මනට ඔම්මා කන්න කතා කරනවා.."යේජි කෑ ගහගෙන දොරත් වහගෙන කාමරෙන් එළියට යනවා මට ඇහුණා..
අද නම් කෝ්ච්ගෙන් අද්විතීය බැනුමක් අහන්න වෙනවා කියන එක මතක් කර කර විනාඩි දෙක තුනක් ඇතුළත් ලෑස්ති වෙලා මේසෙ උඩ තිබ්බ බෑග් එකත් කරට දාගෙන මම පහළට දුවගෙන ආවා..පහළට එද්දිම දැනුනෙ ඔම්මාගෙ කෑමවල සුවඳ..ඒ වගේමයි....
YOU ARE READING
Your Heart Tells | Sunghoon Centric | Completed
Fanfictionමට තිබුණෙ එක ප්රාර්ථනාවයි... "මට වින්ටර් ඔලිම්පික් වෙනකම් ජීවත් වෙන්න ඕනෙ.." [Pure fictional Sunghoon / Enhypen fanfiction]