ඉන්චන් ගුවන්තොටුපළෙන් එළියට එනකොටම මගෙ මූණ හරහා වැදුණෙ විශාල කැමරා එළි සංඛාවක් වගේම ඇහුණෙ අත්පොළසන්වල සද්දෙ..
මගේ බෙල්ලේ තිබුණෙ සිව් මහද්වීප ශූරතාවලියේ කාන්තා නිදහස් තරඟාවලිය සඳහා වුණු රන් පදක්කම..
දිනාගන්න බැරි වෙයි කියලා හිතුණත් මොකක් හරි හේතුවකට මං දින්නා..එච්චර ලොකු බාධාවක් මැද්දෙ මම රන් පදක්කම දින්නා..
පර්ෆෝම් කරද්දි කී වතාවක් වැටුණද කියලා මට මතක නැහැ..
"අපි වැටුණට පරදින්නෙ නෑ හියා..නැගිටන්නෙ නැතුව හිටියොත් තමයි අපි පරදින්නෙ.."යුසුරු සෙන්පායි අන්තිමට කිව්වෙ ඒක..තරඟ කරද්දි කන් ඇතුළෙ රැව් පිලිරැව් දුන්නෙත් ඒ වචනමයි..
ඒ වගේම..
සන්හූන්ගෙ කටහඬ..
වැටෙන හැම වතාවෙම එයා මාව නැගිට්ටෙව්වා වගෙයි මට දැනුනෙ.."ඔයාලට සුබ පැතුම්.."
"ස්තූතියි අපේ රට දිනෙව්වට.."
ගුවන්තොටුපළෙන් එළියට එද්දි මාධ්‍යවේදියෝ හැමෝම කෑ ගැහුවෙ එහෙම..වචනවලින් කියාගන්න බැරි සතුටක් මගේ හිතේ පිනුම් ගැහුවා..කොහොමහරි අපේ රටට දිනුම අරගෙන එන්න මට පුළුවන් වුණා..
කාන්තා නිදහස් ස්කේටින් සඳහා වුණ රන් පදක්කම මමත්, රිදී පදක්කම කයෝරි සකොමොටොත්, ලෝකඩ පදක්කම ලී හේයිනුත් දිනාගත්තා..
ජුන්හ්වන් පිරිමි නිදහස් ඉසව්ව සඳහා රිදී පදක්කමත්, හනා සහ යේ ක්වාන් යුගල ඉසව්වට රිදී පදක්කමත්, හේජින් සහ ස්ටීවන් අයිස් ඩාන්සින් වෙනුවෙන් ලෝකඩ පදක්කමත් දිනාගත්තා..බැංකොක්වලට පිටත් වුණ අපි හැමෝම ජයග්‍රහණ ගොඩක් අරගෙනයි ආයෙත් අපේ මව්රටට අඩිය තිබ්බෙ..අපි ආයෙත් කොරියාවට එද්දි ඇඳගෙන හිටිය කොරියානු මලල ක්‍රීඩකයන්ට අයත් නිල ඇඳුම් උඩින් දාගෙන හිටිය පදක්කම් දිලිසුණා..
මගෙ ඉස්සරහින් ගමන් කළේ ජුන්හ්වන්..මගෙ පිටුපසින් හේයින්, හනා සහ හනාගෙ ස්කේට් සහයකයා වුණ යේ ක්වාන් වගේම අනිත් ස්කේට් ක්‍රීඩකයොත් පේළියට ගමන් කරමින් හිටියෙ අපේ බස් එකට..
ස්ටාෆ් එකේ අය අපේ බෑග් පටවනකම් අපි බස් එකෙන් ගිහින් වාඩිවුණා..
YOU ARE READING
Your Heart Tells | Sunghoon Centric | Completed
Fanfictionමට තිබුණෙ එක ප්රාර්ථනාවයි... "මට වින්ටර් ඔලිම්පික් වෙනකම් ජීවත් වෙන්න ඕනෙ.." [Pure fictional Sunghoon / Enhypen fanfiction]