ඒ එයා...
පාර්ක් සන්හූන්..සන්හූන්ව තියාගෙන ආපු ට්‍රොලියත් ඒ එක්ක ආපු පිරිසත්..ජුන්හ්වන් පවා මාව පහුකරගෙන ගිහින් විනාඩි ගානකුත් ගතවෙලා ඉවරයි..
ඒත් මම තවමත් බිත්තියට වාරු දීගෙන..මේක හීනයක්ද ඇත්තක්ද කියලා වෙන් කරගන්න මාත් එක්කම උත්සහයක නිරත වෙමින් හිටියෙ..
චා ජුන්හ්වන්වත්..පාර්ක් සන්හූන්වත් දැක්ක එක නෙමෙයි..
අඩි කිහිපයක් ඈතින් මුණ ගැහුණ එකත් නෙමෙයි..
සන්හූන්..එයා තුවාල වෙලා හිටිය එකයි මට දරාගන්න අමාරු සිදුවීම වුණේ...
සන්හූන්ට මොකද වුණේ?
එයාගෙ තත්වය කොයි වගේද?
හිත ඇතුළෙ කැකෑරෙන්න ගත්ත ප්‍රශ්නත් එක්ක මම එතන තනි වෙලයි හිටියෙ..සන්හූන්ව අරන් ගියෙ කොහෙට වෙන්න පුළුවන්ද...?
මම මොහොතක් කල්පනා කළා..හදිසි අනතුරු ඒකකය..
ඔව්..එතනටයි සන්හූන්ව ගෙනියන්න ඇත්තෙ..
මගේ දුර්වල හදවතට හයිය අරගෙන ඒ හයිය කකුල් දෙකට දීලා හදිසි අනතුරු ඒකකයට යන්න හදද්දිම...මම නැවතුණේ මගේ නම කතා කරපු ගොරෝසු කටහඬ නිසයි..
"යූන් චොන්ග්-හා"
මේට්‍රන් චෝයි?
එයත් ඇයි මේ වෙලාවෙම මෙහෙට ආවෙ?අකැමැත්තෙන් වුණත් මගේ සෞඛ්‍යය ගැන වගකියන මේට්‍රන් දිහා මට බලන්න සිද්ධ වුණා..
"තමුන් මේ වෙලාවෙ ඉන්න ඕනෙ තමුන්ගෙ කාමරේ කියන එක මතක ඇති කියලා මම විශ්වාස කරනවා චොන්ග්-හා.."මේට්‍රන් කිව්වෙ රකුසු මුහුණ මවාගෙන..
කොච්චර නිර්භීත වුණත් මේ රාක්ෂ මූණ ඉස්සරහ මම ගොළු වුණා..
"ස..සර්..මම..ම-මං අර.."මට කියන්න ඕන වුණ කිසිම දෙයක් මගෙ කටින් පිට වුණේ නෑ..
"කතා එපා චොන්ග්-හා..ආයෙත් රූම් එකට.."රවාගත්ත මූණෙන්ම මගේ කාමරය පැත්තට අත දික් කරපු මේට්‍රන් කිව්වා..
එතනින් එහාට තව කතාකරන්න මට හැකියාවක් තිබුණෙ නෑ..මේට්‍රන්ගෙ තීරණය අන්තිම තීරණය කියන එක මම දැනගෙන හිටියා..
YOU ARE READING
Your Heart Tells | Sunghoon Centric | Completed
Fanfictionමට තිබුණෙ එක ප්රාර්ථනාවයි... "මට වින්ටර් ඔලිම්පික් වෙනකම් ජීවත් වෙන්න ඕනෙ.." [Pure fictional Sunghoon / Enhypen fanfiction]