ටීක්..ටීක්...ටීක්...
ඒ සද්දෙත් එකතු වෙලා සන්හූන්ගෙ නීරෝගී හදවතේ ගැස්ම පෙන්වන රේඛා සටහන දිහා මම මොහොතක් බලාගෙන හිටියා..
කොච්චර ලස්සන හදවතක්ද...?මම හිතුවෙ ඒක දිහා බලාගෙන..
ආයෙම මගේ ඇස් යොමුවුණේ වෙහෙසකාරී විදිහට ඇඳේ වැතිරිලා ඉන්න සන්හූන් දිහාට..ඔක්සිජන් මාස්ක් එකෙන් වැහුණ ඒ කඩවසම් මූණට..
සන්හූන්ගෙ නළලට අැලුනු හිසකෙස් ටික මම යන්තම් අතින් හැදුවා..
ඩොක්ටර්ගෙන් පැයකට අවසර අරගෙන හැමදාම මම එයාව බලන්න ආවා..කතා නොකළත්..හිනා නොවුණත්..
එයා දිහා බලන්න ඉන්න විතරක්ම මම හැමදාම ආවා..
ඉඳහිට..සන්හූන්ට ඇහුණා හෝ නෑහුණා..
මම පුංචි වචන වලින් එයාව ආමන්ත්‍රණය කළා..
මම බර සුසුමක් නිදහස් කළා..ඒත් නිදහසක් දැනුනෙ නැහැ..
ආපු වෙලාවෙ ඉඳන් මගේ අතේ තිබුණ දම් පාට කපුරු මල මම එතනම තිබුණ වීදුරුවට දැම්මා..ඊයෙ ගෙනාපු පිච්ච මල් ටිකත් තවම තියෙනවා..මියැදිලා තිබුණට ඒ පිච්ච මල් නැවුම් සුවඳක් මතුකරලා තිබුණෙ සන්හූන් වෙනුවෙන්ම වගේ...
අදට සන්හූන් අැස් අරින්නෙම නැතුව දවස් දහයක්..
මේ කාලෙ ඇතුළත ගොඩක් දේවල් සිද්ධ වුණා..
සන්හූන්ගෙ හදිසි අනතුරත් එක්ක G-show ප්‍රසංගය නතර කළා..
සන්හූන්ව බේරගන්න හැකියාවක් නෑ කියන ආරංචිය නොලැබ, එයා වෙනුවෙන් යුසුරු හන්යු ඇතුළු ජපානයේ ගොඩක් ස්කේට් ක්‍රීඩකයො සන්හූන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා තෑගි එව්වා..
ඒ අතර යුසරුගෙන් සන්හූන්ට වෙනුවෙන්ම එවපු බොහොම අපූරු ස්කේට් දෙකක් තිබුණා..කළු පාටට දිලිසෙන ඒ ස්කේට් දෙක සන්හූන් හිටිය අධි සත්කාර ඒකකයේ, එයාගෙ ඇඳ ගාවින් තියලා තිබුණා..
මමත් තාවකාලික සුවය ලැබුවෙ රෝද පුටුව අතඇරලා ඇවිදින්න පුළුවන් වෙන තරමට නමුත් ඇඟ ඇතුළෙන් මගේ රෝගී බව මටම දැනෙමින් පැවතුණා..
ඇඳ උඩ තිබුණ සන්හූන්ගෙ අතක් උඩින් මම මගෙ අතක් පරිස්සමින් රැඳෙව්වෙ මෘදුව එයාගෙ අත පිරිමදින ගමන්..
සුදුමැලි වුණ අත දිගේ දිවයන නිල් පාට නහර තවත් මතුවෙලා තිබුනෙ සන්හූන් තවදුරටත් දුර්වල වෙමින්, කෙසඟ වෙමින් හිටි නිසා..
සන්හූන්ගෙ අත අරගෙන මම මගේ උණුසුම් කම්මුලක් මත තියාගත්තා..ඒ අත් වඩාත් සීතල වෙලා..එකම එකපාරක්වත්..ඔය ඇස් අරින්න බැරිද සන්හූන්...?
පොඩ්ඩක්වත් උත්සහා නොකරන්නෙ ඇයි ඔයා..?
ඔයාගෙ ඔම්මා, අප්පා, යේජි...ඔයාගෙ යාළුවො හැමෝම ඔයා ඉස්සරහා හඬා වැටෙද්දිත්..ඇස් දෙක ඇරලා ආයෙත් එන්න හිතෙන්නෙ නැද්ද ඔයාට..?
ආයෙත් ඔයාගෙ පවුලෙ අය ගාවට දුවලා යන්න ආසාවක් නැද්ද..?
මම මැරුණොත්..ඒක දවසක වෙන්න තිබුණ දෙයක් කියලා හිත හදාගන්න පුළුවන් මට..මමයි මැරෙන්න ලෑස්ති වෙලා හිටියෙ..
එකපාරම කඩාගෙන වැටුණ හිම වැස්සක් වගේ..ඔයා මගෙ ජීවිතේට ඇවිත්..මට ජීවිතේ දීලා ඔයා යන්න හදන එකේ තේරුම මොකක්ද..?
පාර්ක් සන්හූන්..කරුණාකරලා..ජීවත් වෙන්න..
මේක හීනයක් නම්..මේ හීනෙන් අවදි වෙන්න ඕනෙ කියලා සියදහස් වාරයක් මට හිතුණා..ඒත් දවස ගානෙ වෙන සිදුවීම් මේක ඇත්තම ඇත්තක් කියලා මට ඔප්පු කළා..
ආයෙත් මම සන්හූන්ගෙ ECG සටහන දිහා බැලුවා..සර්වසම්පූර්ණයි..
මගේ ECG සටහනේ තියෙන අඩුපාඩු මුකුත් නැති ඒ හදගැස්ම..
ඇත්තෙන්ම සම්පූර්ණයි..නීරෝගියි..
වාඩිවෙලා හිටිය තැනින් යන්තම් ඉස්සිලා හම සන්හූන්ගෙ නිරුවත් පපුව උඩින් කන තිබ්බා..
ලබ්..ඩබ්..ලබ්..ඩබ්..භාවනාවක් වගේ..නිස්කලංකව සන්හූන්ගෙ හදවත ගැහුණා..
මේක අහන වාරයක් ගානෙම මගෙ හදවත දුකින් බර වෙනවා..හරියට මගෙ හදවතට එයාගෙ ආදරේ නැති වෙනවා වගේ..
ඉතින් මගෙ හදවත අඬන්න පටන් ගන්නවා..
මම නවත්තන්න කොච්චර උත්සහා කළත් වැඩක් නෑ..
මගෙ හදවත හයියෙන් අඬනවා..
නමුත් හැමදාම ඒකෙන් රිදෙන්න මට..
කඳුළු පටලයක් මගෙ ඇස්දෙක වහගත්තා..
ම්ම්ම්...
හදවතට තනියම අඬන්න පාළු නිසා..
ඇස් දෙකත් එකතු කරගෙන වගේ..
මගෙ ඇස් දෙකෙන් ගලාගෙන ගිය කඳුළු සන්හූන්ගෙ පපුවට හාදු තිබ්බා..
"මං ආදරෙයි.."හැමදාම වගේ ආපහු යන්න කලින් මම සන්හූන්ගෙ කන්පෙති වලට මිමිණුවා..
VOUS LISEZ
Your Heart Tells | Sunghoon Centric | Completed
Fanfictionමට තිබුණෙ එක ප්රාර්ථනාවයි... "මට වින්ටර් ඔලිම්පික් වෙනකම් ජීවත් වෙන්න ඕනෙ.." [Pure fictional Sunghoon / Enhypen fanfiction]