"සන්-හියා..ඔයාට බෑ ඔහොම ඉන්න..ඔයා නැගිටින්න ඕනෙ..ඔයා දිනන්න ඕනෙ..ඔයා..මාව දිනවන්න ඕනෙ..""ඔයා ඒකට ප්‍රමාණවත් තරම් ශක්තිමත්..ඔයාට මේක කරන්න පුළුවන් සන්-හියා..නැගිටින්න.."
ඒ කටහඬ..
මම දුර්වලයි කියලා හිතෙන හැමවෙලාවෙම මට ඇහෙන ඒ කටහඬ..
මම පරදියි කියලා හිතෙන හැම වෙලාවෙම මට ඇහෙන ඒ කටහඬ..
ටීවි එකෙන්, අනිත් අය ගාව සුරක්ෂිතව තියාගෙන හිටිය වීඩියෝවලින් විතරක්ම මම අහපු ඒ කටහඬ..
මගේ කන් දෙක ගාවම මුමුණනවා මට ඇහුණා..
ඒ..
සන්හූන්..?"නැගිටින්න සන්හියා.. ඔයා දිනන්න..අපේ රට දිනවන්න.."
ඒ හඬ ආයෙමත් මට කිව්වා..
සන්හූන්...
ඉන්න..මේ වතාවෙවත් මට උත්තරයක් දෙන්න..මට අහන්න ගොඩක් දේවල් තියෙනවා..
පාර්ක් සන්හූන්...
මේ අවුරුදු දහයටම සැරින් සැරේ ඇහිලා, නැතිවෙලා යන කටහඬින් මට මේ වතාවෙවත් උත්තර දෙන්න..
"නැගිටින්න යූන් සන්-හියා.."ඒ කටහඬින් මට අන්තිමට කිව්වෙ එච්චරයි..
සන්හූන්..
යන්න එපා..අමාරුවෙන් බර කරලා මං ඇස් දෙක අරිනකොට මම දැක්කෙ ලොකු ආලෝකයක්..
"සන්-හියා..ඔයා හොඳින්ද?"මට ඇහුණෙ හේයින්ගෙ කටහඬ..
මම වේගෙන් ඇසිපිය ගහන ගමන් ඇස් ඇරියා..හේයිනු ත්, ජපානෙන් තරඟ වදින කයෝරි ත් මගෙ මූණට එබීගෙන හිටියා..
"හියා..ඔයාට නැගිටින්න පුළුවන්ද?"කයෝරි ඇහුවා..
නැගිටින්න පුළුවන්ද බැරිද කියලාවත් මම දැනගෙන හිටියෙ නෑ..
මම ඔළුව ඉහල පහල වැනුවෙ නැගිටින්න පුළුවන් ඇති කියලා හිතාගෙන..මම හේයින්ගෙත් කයෝරිගෙත් උදව්වෙන් රින්ක් එකේ වාඩි වුණා..
මාව වැටිලා ලොකු වෙලාවක් ගත නොවෙන්න ඇති කියලා හිතුණෙ මම තවමත් රින්ක් එකේ හිටි නිසා වගේම ස්ටේඩියම් එකේම හිටිය අයගෙ මූනුවල බියපත් ස්වභාවයේ අඩුවක් නොතිබුණ නිසා..
BẠN ĐANG ĐỌC
Your Heart Tells | Sunghoon Centric | Completed
Fanfictionමට තිබුණෙ එක ප්රාර්ථනාවයි... "මට වින්ටර් ඔලිම්පික් වෙනකම් ජීවත් වෙන්න ඕනෙ.." [Pure fictional Sunghoon / Enhypen fanfiction]