Part 4

49 12 5
                                    

Sunghoon's POV

තවත් කෝපි උගුරු දෙකක් තොලගාන්න ඉඩ ලැබෙන්න ඇති..කෝච් ස්ටෙඩියම් එකට ආවෙ ඒ වෙලාවෙ...

"ඕකේ ගායිස්..කමෝන්..අපිට අද කරන්න ගොඩක් වැඩ තියෙනවා.."කෝච් අත්පුඩියකන් සන් කරේ අපිව දිරිමත් කිරීමක්..

"ස්...ස්..."කෝච්⁣ගෙ පිටිපස්සෙන් ඇවිද⁣ගෙන යන්න හැදුවත් මමයි සේජොන් හ්‍යොනුයි ඩැනියෙලුයි නැවතුණේ පිටිපස්නේ ඇහුණ සද්දෙට..බිත්තියට මුවා වෙලා හිටිය හනා ව දැක්කෙ එතකොටයි..

"අදත් පරක්කුද?"සද්ද නොනැගෙන විදිහට වුණත් ඩැනියෙල් ඇහුවෙ තරවටු ස්වරයකින්..

හනා බොහොම අහිංසක විදිහට දබරැඟිල්ල උඩට උස්සලා පෙන්නුවෙ අදට විතරක් බේරලා දෙන්න කියලා කියන්න වගෙයි..

"අදට විතරයි.."සේජොන් හ්‍යොන්ග් කිව්වෙ අතින් කරපු සංඥාවලින්..

හනා හරි කියලා කියන්න වයින් කරපු බෝනික්කෙක් වගේ ඔළුව ඉහළ පහළ වැනුවා..

මමත් ඩැනියෙලුත් සේජොන් හ්‍යොන්ග්නුත් කළේ හනාව ආවරණය⁣ වෙන්න⁣ පේළියට හිටගත්ත එක..

හනා දුවගෙන ඇවිත් අපි පිටිපස්සෙන් පාත් වෙලා ගමන් කළේ කෝච්ට නොපෙනෙන්න..කෝ්ච් රින්ක් එකට පනින අතරතුරේදි අපි හදලා දීපු ඉඩෙන් හනා ඉස්සරහට පැනලා හේජින්ගෙ අතේ එල්ලුණේ පිටිපස්ස හැරිලා අපිට ස්තූති කරන ගමන්..

"කුමාවෝ ඔප්පා.."

"මේකට ප්‍රතිඋපකාර විදිහට අපිට මෙලන් බන් අරන් දෙන්න පුළුවන්ද හනා?"මං ඇහුවෙ ඩැනියෙල්ගෙ කර උඩින් අතක් දාගෙන..

"හරි හරි..කෝච්ට අහුවෙන්⁣නෙ නැතුව බේරගත්තට..ඒක මං කරන්නම්.."

අපි හැමෝම ස්කේට් වහලා තිබ්බ ප්ලාස්ටික් කවර් එක ගලවලා රින්ක් එකට පැන්නෙ හිනාවෙවී.. හැමෝම ආයෙත් රින්ක් එකට පැන්නෙ නියමාකාරව දවස අරඹන්න..

රින්ක් එකට පැන්න තත්පරේ ඉඳන් පුංචි විවේකයක් ලැබෙන වෙලාවට ඇරෙන්න හැමෝම බොහොම මහන්සියෙන් පුරුදු පුහුණු වුණා..අධික වෙහෙසකාරී දවසක් ගෙවුණේ හීයක වේගෙන්..

හැමෝගෙම බලාපොරොත්තුව වුණේ ගිය අවුරුද්දට වඩා සාර්ථක ප්‍රසංගයක් මේ අවුරුද්දෙදි කරන්න..එකින් එක දහඩිය ඇඟ තෙමාගෙන පිරෙද්දි අපේ මහන්සිය කොතරම්ද කියන එක එකිනෙකාටම තේරුම් ගියා..හැමෝම එකිනෙකාට හයියක් වෙලා හිටියෙ මේ මහන්සියට වඩා සාර්ථකත්වයෙ සතුට කොච්චරද කියලා හැමෝම දන්න නිසයි..

Your Heart Tells | Sunghoon Centric | CompletedWhere stories live. Discover now