Part 3

52 13 2
                                    

Sunghoon's POV

යන අතරමග වාහනෙන් එළිය බලාගෙන ගියෙ අඳුර එක්ක කැටිවුන නිශ්ශබ්දතාවයට මම පුදුම තරම් ආසා කරපු නිසා..ලොකු තදබදයක් නැති වාහනත් එක්ක හිම පිරුණ පාරවල් හිතට ගෙනාවෙ පුදුමාකාර සනීපයක්..තවමත් පාරවල් අයිනේ නත්තල් සැරසිලි..බෙල්ල මුලටම හිරවුණු කාර්යබහුල දවසක් ආරම්භ කරන්න මේ නිසල බව හොඳ පටන්ගැන්මක්..

"පුතා.."මං පියවි සිහියට ආවෙ අප්පාගෙ කටහඬින්..

"ඔව් අප්පා?"

"ඔයාගෙ ඉදිරි තීරණ ගැන මොකද?"අප්පා අහන්න යන්නෙ මොකක්ද කියන එක ගැන තේරුම් ගිය නිසාම මම සම්පූර්ණ අවධානය අප්පාගෙ පැත්තට හැරෙව්වා..

"අප්පා අහන්නෙ ෆීල්ඩ් එකෙන් රිටයර් වෙන එක ගැනද?"

"ඔව් සන්හූන්..ඒක තමා මම අදහස් කරේ.."මම ලොකු හුස්මක් ගත්තා..

"මේ ෆීල්ඩ් එකට ඇවිත් දැන් අවුරුදු දහයකටත් වැඩියි අප්පා..ගිය මාස කීපයම මම ඒ ගැන හිතුවා..රිටයර් වෙලා අයිස් හොකී වලින් ඉස්සරහට යන්නත් ආසාවක් තියෙනවා..ඒත්..මේක නැතිකරගත්තොත් මට ඉස්සරහට පසුතැවෙන්න වෙයිද කියලා බය හිතෙනවා අප්පා මට..මම ඒ තරමටම මේකට බැඳිලා.."ගැඹුරු හුස්මක් අරගෙන හිතේ තිබුණ හැමදේම අප්පා ඉස්සරහින් දිග ඇරියෙ හිත සැහැල්ලු කරගන්න ගමන්..

අප්පාගෙ අතක් මගේ ඔළුවෙ මෘදුව රැඳුණා..

"ඔයා ගන්න ඕනෙම තීරණයකට අපි එකඟයි සන්හූන්..හිත රිදවන තීරණ ගන්න එපා..ඔයාට සුදුසු කාලයක් මේ ⁣ෆීල්ඩ් එකේම ඉන්න..ඔයාට හිතුණොත් දැන් ඔයාගෙ කාලෙ ඉවරයි කියන එක..එදාට මේක අත අරින්න..ඔයා ගන්න ඕනම තීරණේකදි මමයි ඔම්මයි අර යක්ෂ පැටික්කියි ඉන්නවා ඔයා එක්ක.."අප්පා හිමින් මගෙ ඔළුව අතගෑවා..

හිතේ තිබ්බ බර පුළුන් රොදක් වගේ ඈතට පාවෙලා යද්දි මම සැහැල්ලුවෙන් හිනා වුණා..

හිත ආයෙත් වේගෙන් ඇදිලා ගියෙ අතීතයට..

පොඩි කාලෙ මම පොඩ්ඩක්වත් සමාජශීලි දරුවෙක් නෙමෙයි..අවස්ථාවක් ලැබුණ හැටියෙම හැ⁣මෝගෙන්ම හැංගිලා මුළු ගැන්විලා ඉන්නයි මගෙ පුරුද්ද තිබු⁣ණෙ..ඒ එක්කම මගෙ තිබු⁣ණ පෙනීමේ අඩුව නිසාම මම කවුරුත් ඉස්සරහට එන්නවත් බයෙන් හිටියෙ..

Your Heart Tells | Sunghoon Centric | CompletedWhere stories live. Discover now