Chapter 01

370 27 4
                                    

"බබා..... බබා"

"ම්ම්ම්හ්ක්.... සුදු දෝණි තව ටිකයි"

"නැගිටින්න බබා... බලන්න වෙලාව කියද කියලා. දැන් හයටත් කිට්ටුයී. ලේස්තිවෙන්න ඉස්කෝලේ යන්න"

"හා....රි හා....රි ඕන්න සුදුදෝණිගේ බබා නැගිට්ටා. "

"නැගිට්ටා නම් අන්න වොශ්රූම් එක. ගිහින් වොශ් දාගෙන එන්න ස්කූල් යන්න"

"හැඤ්ඤ වොඤ්ඤූම් එක ඤමා.... උදේට කාලිමෑණීයෝ වැහෙනවද ඔයාට? දදවල් දවස තිස්සේ පණ දෙන්න වගේ ඉන්නවා. හැමදාම උදේට වරම අතට අරන් බබා ඤැගිටිඤ්ඤ බබා පරක්කුයි බබා හැච හැච හැච ගානවා"

"පස්ස රත්වෙන්න දෙකක් දෙන්න කලින් ගිහින් ලේස්තිවෙන්න. නැත්නං ඔයාට වෙන්නේ අදත් ඔයාගේ ගර්ල් ෆ්රෙන්ඩ් ඉස්සරහ තණකොල උගුල්ලන්න තමා"

ගර්ල්පෙන්වයි තණකොල උගුල්ලන සීන් එකයි කිව ගමන් මම ඉද්ද ගැහුව වගේ නැගිටලා සොනික් වගේ දුවල ගියේ වොශ්රූම් එකට. දත් ටිකත් මැදගෙන සුදුදෝණිගේ ෆේෂ්වොෂ් එකත් චුට්ටක් මුණේ උලාගෙන එයාගේ සුවද ගහන සබන් කෑල්ලත් ගාගෙන මං ආයම කාමරේට ආවා.

"සුවද සබන් ඇග ගාලා හායි හූයි ~ ආව්ව්වා උදේම ටොකු අයින්න එපා. ම්හ්ක් කතා නැ ඔයා එක්ක. මට අඩත්තේට්ටම් හරියට කලා ඔයා අද"

"බබා මම ඔයාට කියල තියනවා මගේ සබන් එක ගාන්න එපා කියලා. ඒක කෙල්ලෝ ගාන එකක්. ඕක ගාලා සුවද ගගහ ස්කුල් ගියාම මිස්ලා හිතයි ගෑල්ලමයා එක්ක ලිවින් ටුගෙදර් ඉදල ස්කුල් එනවා කියලා"

"ඉතින් ඔයානේ මගේ ගෑල්ලමයා. ලිවින් ටුගෙදර් තමා ඉන්නේ. මේ බලන්න ගෙදර ඉන්නේ ඔයයි මමයි විතරනේ. හා නැද්ද නේද නේද ?" මම ඒක කිවේ කමිසේ බොත්තන් ටික දාන ගමන්.

"බබා ශටප්. කෝ ආ කියන්න මේ බත් කට කන්න"

මගේ සුදු දෝණි මට ම බැන බැන බත් කවනවා. කොච්චර බැන්නත් එයා ආදරේ මටනේ. අනික ඉතින් එයා කොහොමත් මට ආදරේ වෙන්න එපැයි. මම විතරනේ එයාට ඉන්නේ. මමත් මගේ සුදු දෝණි ආදරෙන් කවන බත් ටික කාලා බෑග් එකත් කලේ දාන් ගිහින් කාර් එක නැග්ගා. ටිකකින් සුදු දෝණිත් ඇවිත් කාර් එක ගේට්ටුවෙන් එලියට දැම්මා. අපි එලියට එනවත් එක්කම රෝලර් ගේට් එක සරං බරාං ගාලා වැහුනා. උදේ පාන්දර සුදුදෝණිගේ තැටියට පින්සිද්ද වෙන්න අද හරියටම හතයි විසි පහ වෙද්දි මම ඉස්කෝලෙට ආවා. එයා ඉතින් ඉස්සර වගේ මම බහින්න කලින් මගේ නලලටයි බෝල කම්මුල් දෙකටයි ලොකු උම්මා එකක් දීලා පරිස්සමින් වැඩ ටික කරගන්න කියලා කිව්වා. මම කාර් එකෙන් බැහැලා එයා වැඩකරන තැනට යනකල් බලං ඉදලා ඉස්කෝලේට දකුනු කකුල පෙරට තියලා ගියා.

කැළෑමලට ආදරෙන් (𝘼𝙨𝙩𝙚𝙧 𝙈𝙤𝙣𝙖𝙧𝙘𝙝)Where stories live. Discover now