ඩොක්ටර් ජන්කුක්ගෙ point of view එකෙන් මෙතන ඉදන් නැහැ ,මොකද සමහරදේවල් තියනවා ඔයයි මමයි විතරක් දැන ගන්න ඕනි දේවල් !
_______________________________________
ජන්කුක් ගෑස් කාමර ඇතුලෙන් ඇහෙන සද්ද නෑහෙන්න කන් තද කරලා වහගත්තා..වහගත්තා කියලා ඒ සද්ද කනට නෑහි තියෙන්නෙ නෑ..මැරෙන බව දැන දැන උගුර තුවාල වෙලා යනකන් තියන විලාප වලට මුලු බිර්කෙනාවු කදවුරම දෙවනත් වෙනවා.
"ශ්....සන්සුන් වෙන්න
ජන්කුක් ට දැනුනා කන් දෙක වැහිලා යනවා.ජන්කුක් ගෙ අත් දෙක උඩින්ම සීතල අත්දෙකක් තදවෙනවා.ජන්කුක් ට ගැස් කාමර වල ඩියුටි තියන දවසට අනිවාර්යයෙන් ම විනාඩි විස්සක් යනකන් ජන්කුක් ගෙ කන් සීතල අත්දෙකකින් වැහෙනවා.
සද්ද නතරවෙලා යද්දි ජන්කුක් ගෙ අත්වලට දැනුන සීතල නැති වෙලා ගියා.ටේහියුන් ජන්කුක් ගෙන් ඈත් වුනා.ජන්කුක් හැරිලා බැලුවෙ නෑ .ටේහියුන් ගෙ බූට් වල සද්දෙ ටිකෙන් ටික අඩුවෙන සද්දෙට ජන්කුක් ඇහුම් කන් දුන්නා..
ගෑස් කාමර වලින් එලියට එන ss බටයා වෙනදා වගේම ජන්කුක් ට ඔලුව වැනුව.අතෙ තිබ්බ සටහන් පොතත් පෑනත් තද කරගෙන ජන්කුක් ගැස් කාමර ඇතුලට රිංගුවා.හැමදාමත් වගෙ මිනිස්සු රවටන්න් ගෑස් කුටි ශවර් වලින් සරසලා තිබ්බා.ජන්කුක් කලකිරීමකින් බැලුවා.ගැලවිලා තිබ්බ ඇදුම් නොපාගන්න උත්සාහ කරමින් ජන්කුක් ss බටයින් පස්සෙන් ගෑස් කාමරේට ඇදුනා.
"ඉක්මන් කරන්න ඩොක්ටර්..
ජන්කුක් ඔලුව වනලා ඇතුලට ආවා.ඒ නහයට වායුවෙ සැර නොදැනෙන්න ආවරනයක් දාගන.
මිනිස් මලසිරුරු වලින් හැදුන කන්දක්!මිනිස්සු එකා පිට එකා බඩගාලා ජීවත් වෙන්න හුස්ම පොදක් එකතු කරන්න.බඩ දරු අම්මෙක්ගෙ බඩක් මරු විකලෙන් දගලන මිනිස්සුන්ට පෑගිලා නිරුවත් සිරුරෙන් ලේ කැටියක් වගෙ නොදරුවෙක් එලියට පැනලා තියනවා ජන්කුක් දැක්කා.
"බඩ දරු අම්මව මං තේරුවා.ඩොක්ටර් මෙන්ගල් කිව්වා බඩ දරු අම්මලව තෝරන්න කියලා...
ඇස් වල කදුලු පාලනය කරගෙන ජන්කුක් ප්‍රධාන ss බටයා දිහා බලද්දි ඔහු අඩි දෙකක් ඉස්සරහට ආවා.
YOU ARE READING
Auschwitz|taekook
Fanfiction"මං අකමැති මට ආත්ම අනුකම්පාවක් දැනෙනවට...ඒ නිසා මගෙ ආත්මෙ වැලදගන්න කිම් ටේහියුන් ....මාව වැලදගෙන මට ඒ හැගීම දැනෙන්න නොදී තියාගන්න...." -Jeon Jungkook- "මං ඔයාගෙ ආත්මෙ වැලදගෙන ඉන්නෙ ජියොන් ජන්කුක්....ඒ ගැන දුක් වෙන්න එපා...