chapter 4

248 51 22
                                    

Aushwitz කියන්නෙ ලොකු පදාසයක පැතිරුන හමුදා කදවුරක්.ඒකෙ එක කොටසක් තමයි බිර්කෙනාවු කියන්නෙ.අවුශ්විට්ස් වල වෛද්‍යවරු පනහක් විතර ඉදලා තියනවා..මං ලේසිවෙන්න ජන්කුක් සහ තව වෛද්‍යවරු දෙන්නෙක් විතරයි මේකට ඇතුලත් කරන්නේ.මෙතන වෛද්‍ය කන්ඩායමෙ ප්‍රධානියා ජෝශප් මෙන්ගල් , 

මෙතන ඉදන් මං අතින් ලියවන වෛද්‍ය පරීක්ෂණ මෙන්ගල් කරපු පරීක්ෂණ කියලා මං හොයාගත්ත විස්තර අනුව සීයට අනූවක් ෂුවර්...

කොයිම තැනකවත් අතිශයෝක්තියක් නෑ⚠️️

__________________________________________

කැප්ටන් කිම් කියපු විදියට හවස් වෙද්දි ඩොක්ටර් ජෝශප් මෙන්ගල් අනිවාර්යයෙන් බිර්කෙනාවු බිමට පය තියනවා.පලවෙනි දවසෙ මුනගැහුනයින් පස්සෙ ජන්කුක් ට මෙන්ගල්ව මුන ගැහෙන පලවෙනි වතාව මේක.මෙන්ගල් එවලා තියන ලිස්ට් එක දිහා බලලා ජන්කුක් ඈතින් පේන කොනේම තිබ්බ බැරැක්කය දිහාට හෙමින් අඩිය තිබ්බා.

ඒකෙ ඉන්නෙ මීයෝ හෝ ඌරෝ...මෙන්ගල්ගෙ පරීක්ශනාගාර සත්තු!

මෙන්ගල් ගෙ පලමු හමුවීම ජන්කුක් මතක් කරා.මෙන්ගල් ට ඕනි කරෙ දක්ශයො මිසක් දුර්වලයො නේමෙයි.ජන්කුක් ටේහියුන් ට තමන්ව බේරගත්තට ස්තූති කරත් ජන්කුක් ගෙ පන රැකුනෙ ජන්කුක් ගෙ දක්ශතාවය මත පමණක්ම උනා.එදා තෝරාගැනීමෙ පෙරෙට්ටුවෙන් පස්සෙ වම් අතටත් දකුනු අත පැත්තටත් නොයා මෙන්ගල්ගෙ පස්සෙන් ඇදුන ජන්කුක් නතර  උනෙ කෙට්ටු වෙලා ගිය වයසක මිනිහෙක් අසල.ඔහුගෙ උකුල ලගින් ශ්‍රෝණි මේකලාව සමගම ඌර්වාස්තිය  ඇද වී ගොස් තිබුනා.

"මට කියන්න ඩොක්ටර් ජියොන් මොකද්ද මේ මනුස්සයට වෙලා තියෙන්නෙ ?

මෙන්ගල් ජන්කුක් දිහාට හැරුනා.ජන්කුක්  හුස්මක් ගත්තා. කදවුරෙ වෛද්‍යවරයෙක් වෙන්න ජන්කුක් ට අවශ්‍ය උනා.පිලිගැනීම  සහ අනෙක් සිරකරුවන්ට වඩා හොද ජීවිතයකට කදවුර ඇතුලෙ ජන්කුක් ට තෝරාගැනීමට තිබූ එකම අවස්තාව කෙසේ හෝ කදවුරෙ වෛද්‍යවරයකු වීමයි.

"  අනතුරක් වෙලා...

ජන්කුක් මෙන්ගල් දිහා බැලුවා.මෙන්ගල් ගෙ ඇස් හීනී උනා.ජන්කුක් දුන්නෙ සාමාන්‍ය මිනිහෙක් දෙන පිලිතුරක් මිස වෛද්‍යවරයෙක් දෙන පිලිතුරක් නෙමෙයි..

Auschwitz|taekookWhere stories live. Discover now