"එයා මැරුනා?
ජන්කුක් හිමින් ජර්මන් නර්ස්ට ඔලුව වැනුවා.හොදයි ජන්කුක් එයාව මැරුවා...නෑ මැරුවා කියනවට වඩා ජන්කුක් කරෙ එයාට සැනසිල්ලෙ නිදාගන්න උදව් කරන එක.
"එයා මැරෙන්න විදිහක් නෑනි ඩොක්ටර්?
"ඇයි එයා මැරෙන්න විදිහක් නැත්තෙ?ඒතරම් ලේ වමනෙ යද්දිත්...එයාගෙ ලේ අඩුයි...බ්ලඩ් ප්‍රෙශර් අඩුවෙලා හොදටම,මං ඊයෙත් කිව්වා එයා අද වෙනන්වත් ජීවත් උන එක හාස්කමක් කියලා"
"ඩොක්ටර් මෙන්ගල් මාව මරලා දායි...
ජන්කුක් නර්ස්ගෙ මිමිනිල්ල සහ බය උන මූන දිහා බලලා බැරැක්කෙන් එලියට ආවා.ජන්කුක් ට මහන්සි අද මුලු දවසම ජන්කුක් නිවුන් දරුවන් වෙනුවෙන් වෙන් කරලා තිබ්බා.
දහවල් ආහාරයට වෙන් කරපු පැය භාගෙ ඇරෙන්න ජන්කුක් ඉතුරු පැය පහලවක්ම එකදිගට වැඩ කරා,ජන්කුක් ට මහන්සි,කෙලින් හිටගන්නවත් බැරිතරමට...ජන්කුක් ට ඕනි කරපු එකම දේ හොදට නිදාගන්න,නිදි පෙති කීපයක් බීලා හරි...
ජන්කුක් ගෙ බැරැක්කෙ යට යන්න ඔන්න මෙන්න කියලා තිබිලා සයිරන් එක වැදුනා.මේ වෙද්දි වැඩ මුර අවසන් වෙන සයිරන් එකත් වැදිලා ටික වෙලාවක් ගත වෙලා තිබ්බා.ජන්කුක් ඇතුලට තියන්න ගිය අඩිය ආයෙම එලියට හැරෙව්වා.
"ඩොක්ටර් ජන්කුක් හදිසි පෙරට්ටට්වක්...ඩොක්ටර් ජන්කුක් අනිවාර්යයෙන්ම යන්න ඕන.
ජන්කුක් පුදුමෙන් ඔලුව වැනුවා,හදිස්සි පෙරෙට්ටුවක් ගන්නෙ හිරකාරයෝ පැනලා ගියහම.ජන්කුක් කකුල් ඒ පැත්තට යොමු කරා.
බැරැක්ක තුල වෛද්‍යවරුන්‍ට වෙන් කරලා තියන ඉදිරි පෙලට ජන්කුක් හෙමින් ගෑටූවා.ජන්කුක් දැක්කා ටේහියුන් සහ කදවුරෙ ප්‍රධානියා තවත් නිලධාරීන් කීපයක් ඉදිරියෙන් ඉන්නවා.ජන්කුක් බිම බලාගෙන පෙරෙට්ටුව ඉවරවෙනකන් හිටියා.
පැය කීයක් ගත උනාද කියලා ජන්කුක් දන්නෙ නෑ..කීදෙනෙක් ඇද වැටුනද,කීයක් පොලොවෙම අන්තිම හුස්ම හෙලුවද කියලා ජන්කුක් දන්නෑ..ජන්කුක් ගෙ ඔලුව කැරකෙනවා..දවස පුරා කිසිම ආහාරයක් නැතිව හිටිය නිසා ජන්කුක් ට කාපු හැමදේම උගුරට එනවා වගෙ දැනුනා,හැමතැනම බොදවෙලා පේන්න ගනිද්දි ජන්කුක් කකුල් දෙකට ශක්තිය අරන් කෙලින් හිටගත්තා.
YOU ARE READING
Auschwitz|taekook
Fanfiction"මං අකමැති මට ආත්ම අනුකම්පාවක් දැනෙනවට...ඒ නිසා මගෙ ආත්මෙ වැලදගන්න කිම් ටේහියුන් ....මාව වැලදගෙන මට ඒ හැගීම දැනෙන්න නොදී තියාගන්න...." -Jeon Jungkook- "මං ඔයාගෙ ආත්මෙ වැලදගෙන ඉන්නෙ ජියොන් ජන්කුක්....ඒ ගැන දුක් වෙන්න එපා...