ජන්කුක් ගෙ උරහිසෙන් අල්ලලා එස් එස් බටයින් දෙන්නෙක් මෙන්ගල්ගෙ කකුල් ඉස්සරහ දන ගැස්සෙව්වා.හිස් මොෆීන් කුප්පි කීපයක්,ජන්කුක් ගබඩාවෙන් හොරකන් කරවපු බෙහෙත් පෙති කීපයක් ඒ අතර උනා.
"උත්තර දෙනවා....අර්නස්ට් ජියොන් ජන්කුක් වර්(z)ලර්...කොහෙන්ද තමුන්ගෙ බැරැක්කෙ ඇතුලට මොෆීන් කුප්පි ආවේ...
ජන්කුක් මෙන්ගල් දිහා බලලා බිම බලාගත්තා.ජන්කුක් අහුවෙලා ඉවරයි.ජන්කුක් දන්නවා දැන් මෙතන මොනදේ කිව්වත් අනිවාර්යයෙන්ම ජන්කුක් ට මරණ දඩුවම හිමිවෙනවා කියලා...
"ද්‍රෝහියා...
ජන්කුක් ට දැනුනා මෙන්ගල්ගෙ බූට් සපත්තු පාරක් කන හරහා යනවා,ජන්කුක් බිමට ඇදගෙන වැටුනා සහ කටෙන් ජන්කුක් ට මලකඩ රහක් දැනුනා.
"මගෙ පරීක්ෂණ විනාශ කරලා දැම්මා...
මෙන්ගල්ගෙන් දෙවෙනි බූට් පාර..ජන්කුක් වේගෙන් හුස්ම ගත්තා.සෙබලු කීපදෙනෙක් ගෙ බූට් සපත්තු පාරවල් එක්ක ජන්කුක්ගෙ සිහිය ඈතට යද්දි ජන්කුක් ට ඕනි උනා නිකොලේ අම්මත් එක්ක සතුටින් heaven වල ඉන්නවද බලන්න..
දැනටමත් එයාලා හුගක් විනෝද වෙනවා ඇති...
"තීරණයක් ගන්නකන් හිර කුටියකට දානවා!!!
ජන්කුක් ට ඈතින් ඇහුනා.ජන්කුක් ට heaven එකට යන්න තදින්ම ඕනි කරත් අපාය ජන්කුක් ව අල්ලගෙන ඉන්නවා වගෙ ජන්කුක් ට දැනුනා...
ටිකකින් බිර්කෙනාවු බැරැක්ක ඇතුලෙ තාවකාලිව හදපු අදුරු හිරගයක ජන්කුක් ගෙ සිරුර විසික් වෙල ගියා..
ජන්කුක් ට ඇස් අරින්න උවමනාවක් තිබ්බෙ නෑ.බූට් සපත්තු පාරක් ඇහැට වැදුන නිසා ජන්කුක් ට දැනුනා ඇහැට ලේ පුරලා ඇති බවක්..බඩ,පපුව කකුල් මුලු සර්වාංගය පුරා තැලීම් සහ ලේ ගැලීම් ජන්කුක් ට දැනුනා.
"අම්මා....අමාරුයි...
____________________________________________
ටේහියුන් වේගෙන් දිව්වා.ජන්කුක් ගෙ බැරැක්කෙ බඩු සී සී කඩ විසිවෙලා ගිහින්.කොහොමද ජන්කුක් ව අහුවුනේ...
ටේහියුන් පිස්ටර් ගෙ බැරැක්කය ලග තදින් හුස්ම ගත්තා.මේතරම් වෙලා තදින් උඩ පහල ගිය පපුව සන්සුන් කරගෙන ටේහියුන් දොරට තට්ටු කරලා ඇතුලට ගියා.
YOU ARE READING
Auschwitz|taekook
Fanfiction"මං අකමැති මට ආත්ම අනුකම්පාවක් දැනෙනවට...ඒ නිසා මගෙ ආත්මෙ වැලදගන්න කිම් ටේහියුන් ....මාව වැලදගෙන මට ඒ හැගීම දැනෙන්න නොදී තියාගන්න...." -Jeon Jungkook- "මං ඔයාගෙ ආත්මෙ වැලදගෙන ඉන්නෙ ජියොන් ජන්කුක්....ඒ ගැන දුක් වෙන්න එපා...