chapter 8

225 55 30
                                    

ජිමින් අදුරෙ ජන්කුක් වෙනුවෙන් බෙහෙත් ඉන්ජෙක්ට් කරා,ටේහියුන් කොහොම බෙහෙත් අරන් එනවද කියලා ජිමින්ට හිතාගන්නවත් බෑ ,ජිමින් ලියලා දෙන බෙහෙත් ඔක්කොම ටේහියුන් අරගන ආවා.ටේහියුන් මේ කාලය පුරා හැසිරුනෙ පිස්සෙක් වගේ..

ජිමින් ජන්කුක්ගෙ නාඩි බැලුවා.නාඩි වැටෙන එක දුර්වලයි.බ්ලඩ් ප්‍රෙශර් එක සෑහෙන්න වැඩිවෙලා.ජන්කුක් ගෙ ලග එවෙලෙ මොෆීන් කුප්පි දෙකක් තිබ්බ එකට ජිමින් සතුටු උනා.මේ තරම්වත් ජීවත් වෙන්නෙ දෙවෙනි කුප්පියෙන් ජ්න්කුක්ට සෑහෙන්න  ප්‍රමානයක් ඇතුලට යන්න කලින් ෆේයින්ට් උන නිසා.

"එයා ජීවත් වෙයිද...

අන්තිමේදි බැරැක්කෙ ලග මුර කරමින් හිටිය ටේහියුන් ජිමින් ලගට ඇවිත් අහද්දි ජිමින් දැක්කා කදවුරෙ එලියෙන් ටේහියුන් ගෙ ඇස්,ඒවා වේදනාවෙන් සහ පසුතෑවීමෙන් පිරිලා තිබුනා.

"එයා ශක්තිමත් කෙනෙක්...ඒත් මට බෑ ඇතුලෙන් මැරුනහම බෙහෙත් කරන්න,එයා සියදිවි නසාගත්ත උත්සාහ කරලා තියෙන්නෙ කැප්ටන්...

"ඔයා දැන් යන්න ඕනි නේද...

ටේහියුන් මොකුත්ම නොකියා අත් ඔරලෝසුව දිහා බැලුවා.ජිමින් ට වැඩිවෙලාවක් එලියෙ ඉන්න බෑ..ජිමින් ව කවුරුහරි දැක්කොත් අනිවාර්යයෙන්ම  ජිමින්ට වෙන්නෙ වෙඩි කන්න...

"එයාට සිහිය එයි...මං දන්නෑ හේතුව එයා සියදිවි නසාගන්න...ඒත් එයාට සිහිය ආවහම එයා ජීවත් උන එක ට පසුතැවෙයි...

ජිමින් ජන්කුක් ලගින් නැගිට්ටා..

"ඒ පසුතැවීම නතර කරන්න....නැත්තම් එයා ආයෙම මේ ලෝකෙන් යන්න විදියක් හොයාගනී කැප්ටන්...

ජිමින් බැරැක්කෙන් එලියට ආවා.කැප්ටන් වෙනස් වෙලා..පන නැතුව වැටෙන යුදෙව්වන් ට කිසිම හිතක් පපුවක් නැතුව කෑලි වෙන්නම වෙඩි තියලා දාන කැප්ටන් අද යුදෙව් ඩොක්ටර් කෙනෙක් බේරගන්න යුදෙව්වෙක් ලගම දනින් වැටුනා.

"මිනී...

ජිමින් ගැස්සිලා පපුව අල්ලගත්‍තා.සීත කාලෙ එලියෙ කොච්චර සීතල උනත් ජිමින් ට හිරිගඩු පිපුනෙ ඒ කටහඩ නිසා කියලා ජිමින් ට විශ්වාසයි.

Auschwitz|taekookWhere stories live. Discover now