Chapter 6

214 57 13
                                    

මිනිසෙකුට දෛවය විසින් ලබාදෙන කෲරතර වදහිංසාව පසුතැවීම සහ දරාසිටීමයි.

හිස  තුලෙන් දෝංකාර දෙන අහිංසකයන්ගෙ  මතකයන්ගෙ වේදනාකාරි ඉකිබිදුම්,සුසුම්ලෑම් ජීවිත කාලය පුරා දරාසිටීමයි.

සහ තමා නිසා මියගිය උන් වෙනුවෙන් ඇතිවන හදවත සූරා දමන පසුතැවීමයි.

නිසැකවශයෙන්ම එය මරණය මෙන් සිය දහස් වාරයක් වේදනාකාරීය,දෙවන ලෝක යුධ සමයෙන් පසුව එලබෙන පලමු හිරු කිරන විදීමට නොලැබෙන සියල්ලන්ම ඒ වේදනාකාරී දෛවයෙ කොටස්කරුවන්‍ ය.

දිනකට සිය  දහස් ගනනින් ගෑස් උදුන් වල පනපිටින් පිලිස්සෙන මිනිසුන්ද,බයිනෙත්තු දඩුවලින් පහර කෑම් වලට ලක් වන මිනිසුන්ද,සයික්ලෝන් බී වායුවෙ පහස ලබන මිනිසුන්ද අවුශ්විට්ස් අදුරු දෛවයෙ අවාසනාවන්ත කොටස් කරුවන් ය.

ජන්කුක් තුන්වෙනි වොඩ්කා වීදුවත් අමුවෙන්ම කට ඇතුලට වක් කරගත්තා. ගෑස් කුටිවල සිටින යුදෙව් සිරකරුවන් සෑම රාත්‍රියකම පවත්වන මත්පැන් සාදයට ජන්කුක් පලවෙනි වතාවට සහභාගී උනා.

මේ මත්පැන්,සහ කටගැස්ම ගෑස් කුටිවල පිලිස්සෙන මිනිස්සුන්ගෙ බව ජන්කුක් දැන සිටියා.රතු නිවාස වලට ආසන්නයේම පිහිටි සෙන්ඩර් වරුන්ගෙ බැරැක්ක වලට මස් වල සුවද හැරෙන්නට අමුවට  පිලිස්සෙන මිනී මස්වල සුවදත් නොඅඩුව දැනුනා.

"තුන්වෙනි  උදුන බාගෙට කැඩිලා දොස්තර මහත්තයා..අලු ගන්න ගියාට ලේත් එක්ක ඇටකටු ඉතුරු වෙලා තිබ්බෙ...ඉතින් තාම ඒවා පිච්චෙනවා...

"අඩුම ඇහි බෝලවත් උනුවෙන්නෑ...

ජන්කුක් හතරවෙනි වොඩ්කා වීදුරුව එක උගුරට ගහලා සෙනඩර් කමාන්ඩර්වරයෙක් වෙච්ච බර්තලමියු ට ඔලුව වැනුවා.

"හෑන්ස්...දොස්තර මහත්තයාට තව මස් කෑල්ලක් දීපන්....සැන්සිල්ලෙ නින්දක් ලබන්නෙ දොස්තර මහත්තයා නිසා...

ජන්කුක් හෑන්ස් දුන්න මස්කෑල්ල එක කටකට අරන් ඇස් පියාගන මස් රසය වින්දා.අනිවාර්යයෙන් ම ජන්කුක් සෙන්ඩර් වරු වෙනුවෙන් හොර රහසෙ නිදිබෙහෙත් දෙනවා.දිනකට මිනී සිය ගානක් අමුවට පුලුස්සන ජිවිත කොහෙන් සැනසිල්ලෙ නිදාගන්නද...

Auschwitz|taekookWhere stories live. Discover now