A-51237
ජන්කුක් අත දිහා බලාගෙන හිටියා.අත ඉදිම්ලා.ලේ පුරලා...ජන්කුක් ගෙ සුදු හමත් එක්ක මුලු අතම තද රතු වෙලා ගිහිල්ලා.අතෙ ගහපු සිරකරු අංකෙ දිහා බලාගෙන ජන්කුක් හුස්මක් පිට කරා.මීට පැය කීපෙකට කලින් ජන්කුක් ට ප්‍රිසන් යුනිෆෝම් ඇන්දුවා සහ ජන්කුක් ගෙ කොන්ඩෙ එක කෙස් ගහක් ඉතුරුනොවෙන්නම කපලා දැම්මා.
"මේක ගාගන්න...
ජන්කුක් තමන්ගෙ අතෙ ගුලි කරපු වැස්ලින් කුප්පිය දිහා බලලා කදුලු පිරුනු ඇස්වලින් මිල්ට ස්තූති කරා.
ටෑටූ එක ගැහුවට පස්සෙ ජන්කුක් ව කෙලින්ම බැරැක්කයට අරන් ගියා.මොකද වැඩ මුරෙ අවසන් වෙන්න තිබ්බෙ සුලු කාලයයි.
"බැරැක්කෙ ඇතුලට නොයා එලියට වෙලා ඉන්න ඩොක්ටර්,තව පොඩ්ඩකින් බැරැක්කෙ භාර සෝල්ජර් එනවා...
ජන්කුක් මිල්ට ඔලුව වනලා වැස්ලින් ටික හෙමින් අතෙ ගාගත්තා.ඒක වේදනාකාරී.අමුවෙන්ම රත් උන යකඩ උලක් හම පසාරු කරද්දි ඒක ඕනිවටත් වඩා වේදනාකාරී...
"තව දෙයක්...
ජන්කුක් යන්න හැරුන මිල් දිහා බැලුවා
"කැප්ටන් කිව්වා පරිස්සම් වෙන්න කියලා...
ජන්කුක් ගෙ ඇස් වලට කදුලු පිරුනා.මේ කාල සීමාව ඇතුලෙ ජන්කුක් හුගක් උත්සාහ කරා ටේහියුන් ව ඔලුව ඇතුලට ගන්නෙ නැතුව ඉන්න.ඒත් හැම තප්පරේකම ටේහියුන් ජන්කුක් ගෙ ඔලුව ඇතුලෙ නරක විදිහට කරදර කරනවා.
"මං ඔයා වෙනුවෙන් පරිස්සම් වෙන්නම්...
ජන්කුක් බැරැක්කෙ කැඩුනු වහල අතරින් පේන හිස් අහස දිහා බැලුවා.කලු දුමාරය අහස වහගෙන නිසා මුලු අහසම මල අලු පාටකින් වැහිලා ගිහින්.අහසත් මැරිලා ගිහින්,අවුශ්විට්ස් ඇතුලෙ තිබ්බ පනතියන මලමිනී ගානටම.
විනාඩි කීපයක් ගතවෙද්දි සියදෙනෙක්ට ආසන්න ප්‍රමානයක් කලින් ගව මඩුවක්ව පසුව සිරමැදිරියක් උන බැරැක්කය දෙසට ඇදෙනවා ජන්කුක් බලාගෙන හිටියා.හැමකෙනෙක්ගෙම ඇට පැදිලා,මූන තුවාල වෙලා,අත්වල හම ගිහින් සහ අධික සීතලෙන් ඉරි ගිය පිජාමා අත්වලින් තමන්වම වැලදගෙන ඉදිරියට එනවා.
YOU ARE READING
Auschwitz|taekook
Fanfiction"මං අකමැති මට ආත්ම අනුකම්පාවක් දැනෙනවට...ඒ නිසා මගෙ ආත්මෙ වැලදගන්න කිම් ටේහියුන් ....මාව වැලදගෙන මට ඒ හැගීම දැනෙන්න නොදී තියාගන්න...." -Jeon Jungkook- "මං ඔයාගෙ ආත්මෙ වැලදගෙන ඉන්නෙ ජියොන් ජන්කුක්....ඒ ගැන දුක් වෙන්න එපා...