chapter 15

218 46 12
                                    

"උත්තරීතර වූ ජර්මන් අධිරාජ්‍යයේ නීති කඩකරමින් පහත් යුදෙව්වෙක් සමග අනියම් සමලිංගික සබදතා පැවැත්වූ වරදට ඇල්බස් මින් යුන්ගි හෙන්ස් යන අය ජාතික සමාජවාදී යුධ නීති ප්‍රකාරව  හමුදා නිලතල වලින් ඉවත් කර මත විමසීමකින් තොරව උදෑසන 9 ට ගෙල සිරවනතෙක් අවුශ්විට්ස් බිර්කෙනාවු 11 කදවුර ඉදිරියේ එල්ලා මරා දැමීමට නියෝග කරනු ලබනවා!!!!!""""

ටේහියුන් හැගීම් පිට නොකර ශාලාව මැද දන ගහන් ඉන්න යුන්ගි දිහා බැලුවා.යුන්ගි හරියට උම්මන්තකයෙක් ගානට ඔහෙ බලන් ඉන්නවා..හැබැයි ඒ ඇස් තවමත් නිසොල්මන්.මරනය අනවුස් කරත් යුන්ගි ගෙ ඇස් තාමත් ගැස්සුන්නෙවත් නෑ...

"දවසක හිට්ලර් මැරුන දවසට  උබලා ඔක්කොමටම එකා පිට එකා මැරිලා යන්න වෙයි,එදාට තමන්ගෙ පව් එක පිට එක මතක් වෙද්දි මරන්න කලින්ම උබලා පසුතැවීමෙන් මැරිලා යයි...මිනිස්සුන්ගේ ලේ උඩින් කොහොමද ආර්‍ය ජාතියක් හදන්නේ!!!!!!!!!!!

යුන්ගි ගෙ නහර ඉලිප්පිලා තිබ්බා..ඇස් තද රතුවෙලා නලල දෙපැත්තෙන් දාඩිය බින්දු ගලමින් තිබ්බා.

"ආර්‍ය ජාතිය...අම්මගෙ රෙද්ද!!!!!කිරිදරුවෝ පවා අමුවෙන් මරන උබලා හිතනවද අනාගතයක් උබලට උරුම වෙයි කියලා...හිට්ලර්ගෙ කටු කන අමන බල්ලෝ....දවසක උබලා පසුතැවෙයි...උබලා පසුතැවීමෙන් මැරි මැරි වැටෙයි...

"ගෙනියනවා..!!!!!

වැන්හොෆ් මොරදුන්නා.යුන්ගි ව ගෙනියන්න කලින් යුන්ගි හැරිලා ටේහියුන් දිහා විනිවිද යන බැල්මක් හෙලුවා.ටේහියුන් ඒ බැල්මට ගැස්සිලා ගියා..යුන්ගි ගෙ ඇස් හුගක් දේවල් කියද්දි යුන්ගි ශාලාවෙන් පිටතට අරන් යනකන් ටේහියුන් දිහා බලන් හිටියා.

"සර්...එතකොට නාසි ඩොක්ටර්?

ටේහියුන් හැෆර්ඩ් දිහා බැලුවා.හැෆර්ඩ් ටේහියුන් දිහා ඇස් කොනින් බලල වැන්හොෆ් දිහා බැලුවා.

"අපිට ඩොක්ටර්ලා කදවුරට ඕනි...කස පාර දීලා රිලීස් කරන්න...

"ඒත් සර්...ඒ නාසි ඩොක්ටර් රෙඩ් කෝඩඩ්.....

ටේහියුන් ආයෙම හැෆර්ඩ් දිහා බැලුවා.රෙඩ් කෝඩඩ් අංකයක් පච්ච කරලා තියනවා කියන්නෙ හදිසි අවස්ථාවක ඕනිම ss බටයෙක්ට මරන්න අවසර තියනවා කියන එක.මොකද ජන්කුක් මෙන්ගල්ගෙ පරීක්ෂණ ඔක්කොම ගැන දන්නවා.කදවුරෙ හදිසි තත්වයක් ඇති උනොත් මුලින්ම මරන්නෙ රෙඩ් කෝකඩ් සිරකරුවෝ...

You've reached the end of published parts.

⏰ Last updated: Jul 04 ⏰

Add this story to your Library to get notified about new parts!

Auschwitz|taekookWhere stories live. Discover now