chapter 5

225 53 16
                                    

ජන්කුක් හුස්ම ගත්තා.ඉතාම තදින්..පෙනහලු බිත්ති ඉරී යන තරම් තදින් ජන්කුක් හුස්ම එකතු කරා.මියගිය මරියගෙත්, මරුවිකලෙන් හඩන දරුවගෙත් මිනී උදුනට දාන්න මොහොතකට කලින් මෙන්ගල් කියපු වචන ඔලුව පුරා රැව් පිලිරැව් දෙද්දි ජන්කුක් පනනැති කකුල් වාරු කරගන තමන්ගෙ කදවුරට ඇදුනා...

"ටේ ..හියුන්...

ජන්කුක් ට මිමිනුනා..මරියගෙ ලේ සුවද ජන්කුක් ට තාම දැනෙනවා..පනපිටින් බඩ ඉරෙද්දි මරියා කෑගැහුවෙ රිදෙනවා  කියලා නෙමෙයි..මෙන්ගල්ගෙ පිහිපාරක් දරුවට වැදෙයි කියලා බයේ ..ජන්කුක් ට මේ මොහොතෙ කාගෙම හරි උනුසුමක් ඕනි..උරහිසක්..අඩන්න..බර උන හදවත ගලවලා පැත්තකින් තියන්න.කදවුරෙ එකම සැනසීම ජන්කුක් ට ඕනි උනා.

වැඩ මුරය අවසන් වෙන බෙල් එක වැදුනම හැමදාම වගෙ ටේහියුන් ජන්කුක් ගෙ බැරැක්කෙට ඇදුනා.ජන්කුක් බලාපොරොත්තු උනා ටේහියුන් ගෙ පැමිනීම හැමදම වගෙ..ටේහියුන් ගෙ ආදරේ ජන්කුක් නොදන්නවා උනත් ජන්කුක් ටේහියුන් ට නොසෑහෙන්න ආදරේ කරා සහ ඉදිරියටත් ජන්කුක් ටේහියුන් ට ආදරේ කරනවා...

"දොස්තර මහත්තයා....

ජන්කුක් තාමත් අදුරෙ හිටියෙ.කදවුරෙ ආලෝකය දැල්විලා තිබුනා උනත් ජන්කුක් ගෙ බැරැක්කය අදුරු වෙලා තිබ්බා.හරියට ජන්කුක් ගෙ ජීවිතය වගෙ.

ටේහියුන් ගෙ ගැබුරු කටහඩ අදුරෙ දෝංකාර දෙද්දි බිම වකුටු වෙලා තමන්වම බදාගෙන හිටිය ජන්කුක් බිම දිගේම ටේහියුන් ගෙ කටහඩ පාරෙ ඇදුනා.ටේහියුන් ගෙ කකුල් අහුවුන හැටියෙ බරවෙලා තිබ්බ හදවත කෑලි කෑලි වලට ජන්කුක් ගෙ ඇස් වලින් කඩාන වැටුනා.

ටේහියුන් අදුරෙ උනත් ජන්කුක් ව දැක්කා.ජන්කුක් ටේහියුන් බිදුනාම පරිස්සමින් බිදුන කෑලි එකතු කරනවා,ඒත් අද ජන්කුක් බිදිලා..ටේහියුන් ගෙ කකුල් අතරෙ ජන්කුක් බිදිලා ගිහින්.

"මෙන්ගල්....මෙන්ගල් කිව්වා....

ජන්කුක් මුමුනනව ටේහියුන් ට ඇහුනා...

"අමතක උනා කියලා....පරීක්ෂණය...

ජන්කුක්ට වචන ගිලෙනවා,ටේහියුන් තාමත් හිටගෙන...

Auschwitz|taekookWhere stories live. Discover now