තසු තස්සුර් නෑ නෑ ඒක නෙවෙයි මොකක්ද ඒ නම..... ත..ත..තත්.. තශ්..රු.. තශෘ ආ හා තශෘ ඇති යන්තම් මතක් උනා යකෝ මේවා නම් ද නැත්නම් ස්පැගිටිද තා ඩිංගෙන් දිවත් ඇඹරෙනෝ මගුල මතක් කරන්න ගිහින් .
Junior astronamy olympiad silver medal මං මුලින් ම ගත්ත වටිනා කියන සිලි බිලි පදක්කම. දෙයියනේ එදා තමයි මං මොන්ටිසෝරියෙන් කොළඹ සත්තු වත්ත බලන්න එක්කං ගියායින් පස්සෙ කොළඹ ගිය දෙවෙනි වතාව. ඒකත් කොළඹ campus එකට
හිකිස්
කොළඹ හතේ නෙවෙයි පහේ.මං කොස් අත්තෙ ශිෂ්‍යත්වෙ වෙනකම් ම ගියේ ගමේ ඉස්කෝලෙට. ඊට පස්සෙ මං ශිශ්‍යත්වෙට ලකුණු 180ක් ගත්ත නිසා අම්මා මාව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන ලොකුම ඉස්කෝලෙට දැම්මා ගෙදර ඉදන් ම යන්නත් පුලුවන් නිසා වගේ ම ඒ ඉස්කෝලෙට මාර පිළිගැනීමක් තිබ්බ නිසාත් තව අපේ ගමේ උපන් ගෙයි මීටර් අයියා කෙනෙකුත් ඒ ඉස්කෝලෙට ගිය නිසා ම අම්මා මාව ඒ ඉස්කෝලෙට දැම්මා.
අපේ රන්නෙ ආච්චි ඒ සතුටට මට රත්තරන් වලින් හදාපු මාලෙකුත් අරන් දුන්න යකුනේ!
බුදු අම්මේ ඒ ඉස්කෝලෙ මුලින් ම දැකපු දවසෙ මගේ ඇගේ හිරිගඩුත් පිපුනා මතකයි.මට වඩා පාළොස් ගුනේකින් විතර විශාල ළා තැඹිලි පාට තාප්පෙකුත් එක්ක කලු පාට විශාල ගේට්ටුව .
මං අම්මගෙ අතේම එල්ලිලා ඉස්කෝලෙ ඇතුලට ගියා ඒ ඉස්කෝලෙ ගමේ ඉස්කෝලෙ වගේ නිල් කොට කලිසම් , කලු සපත්තු නෙවෙයි. සුදු කොට කලිසම් සුදු සපත්තු. ලොකු අයියලාට සුදු දිග කලිසම්. ගෑනු ළමයිගෙ සුදු ගවුම නම් ගමේ ඉස්කෝලෙ වගේම රැලි ගවුමට සුදු සපත්තු . මං ආසම උනේ ඉස්කෝලෙ ටයි එකට. ගමේ ඉස්කෝලෙ නම් තනි රතු පාට එකෙ කහ පාට වයිරම් ගිහින් තිබ්බා. ඒ වුනාට මේ ලොකු ඉස්කෝලෙ රතු පාටයි කහ පාටයි සිරස්ව හරි මැදින් දෙකට බෙදිලා එක කොනක් හීනියට පටන් අරන් ගානට අගට යනකොට මහත් වෙලා මහත කොනේ කහ පාටින් ඉස්කෝලෙ ලාංචනේ මහලා. ඒක දැම්මාම හරි ලස්සනයි . ශිශ්‍යනායක අයියලටත් අර දම්වැල් තියෙන දිලිසෙන බැජ් එකට අමතරව ටයි එක දාන එක අනිවාර්ය උනා. හරිම ලස්සනයි .
6 වසරට ගියත් හරි තාරකා විද්‍යා සංගමේය කියාගෙන ආව අයියලා වගයක් ඒ කල්බ් එකට බැදෙන්නය. බැදුනත් ලොකු දුර දක්නෙකින් තරු බලන්න දෙනවාය. Night camp තියෙනවාය. ගොඩක් රසවත්‍ය කියල කියෝගෙන කියෝගෙන ගිහින් අන්තිමේට සංගමේට බැදෙන්න කැමති අයට පුරවන්න කියල කොලේකුත් දීලා ගියා.
YOU ARE READING
VITAMIN C | House Of The Gryphon
Fantasyයථාර්ථයෙන් ඔබ්බට ගිය විටමින් C ෆැන්ටසියට ඇතුල් වීමට ඇරයුමක්... (tulip × lotus)