උදේ පාන්දර වැටෙන පිණි බිංදු දැකල තියෙනවද... ඇඟේ හිරිගඩු පිපෙන්න තරම් සීතල යාමෙක... යාන්තමට මීදුම් රැලි ගලාගෙන යන යාමෙක... නිරුවත් පතුල් වලින් තණබිස්සක ඇවිදලා තියෙනවද... ඒ වගේ මොහොතක දි නම් පිණි බිංදු වල තෙතමනය ලාදුරු නැති ඕනම මනුස්සයෙක්ගෙ හම ඇතුලට කාවදින්නම දැනෙන්න පුළුවන්...ඉතින් ඒ වගේ සීතල යාමෙක තෙත පිණි බිංදු දකින්න නම් පිණි බිංදු වැටෙන්නම ඕන. වැටෙන පිණි බිංදු නැවුම් ව දකින්න නම් කොළ පාටක ඇස නතර වෙන්න ඕන.
නොදන්නවා නොදැනුනා වගේ හැසිරුනාට මේ ලෝකේ තියෙන හැම දෙයක් ම පුදුමාකාර තරම් මායාකාරීයි.
2024.04.01
"හාආආආආආආආආයි....හ්ම්ම්"
දැන් නම් නිදි මතයි. ඇගටත් මහන්සියි වගේ. අද මගේ ජීවිතේ ලොකු දවසක් නෙ ඉතින්.
මං ලියල ඉවරවුන තැන වේලපු පුංචි මල් කිනිත්ත තියල වැහුවා.ඊට පස්සෙ පොත් මේසේ පිළිවෙළට ආයේ හදලා C පෙත්තකුත් අරන් කටේ දාගෙන එහෙම්ම ම ඇදට ආවා. ඔය පිළිවෙළ ඉතින් තව ඕනෙ නම් සතියක් දෙකක් වගේ තියෙයි ඊට පස්සෙ ඉතින් මගේ වැඩත් මේ කාමරේ ඉන්න අනිත් උන් තුන් දෙනාගේ වගේම වෙයි. හෙහ්
අද ඉතින් සීඩර් ග්‍රෝව් එකට ඇතුලත් උන දවස. මේ තමයි සීඩර් ග්‍රෝව් එකේ ගෙවන මගේ පළවෙනි රාත්‍රිය. අනේ නිකන් හනිමූන් වගේ .
අපේ කාමර අංකය 87 . පිරිමි හොස්ටල් එකේ rooms 100 යි, ගැහැනු හොස්ටල් එකේ rooms 100 යි. හොස්ටල් එකේ පිටත හැඩේ කිව්වොත් ඉතින් ඒක අර්ධ කවාකාරයි වගේ . ගැහැනු ලමයින්ගෙ හොස්ටල් එකත් අපේ වගේ මයි. එතකොට හොස්ටල් දෙකේ වක්‍ර දෙක එකිනෙකට මුහුනලා තිබ්බෙ . හොස්ටල් දෙකේ ම එක කොනක ලොකු පුස්තකාලයක් . ඒ පුස්තකාලෙට කියන්නෙ හෝඩ් (Hoard) කියලා. හොස්ටල් දෙකේ අනිත් කොනේ තිබ්බෙ කැන්ටීන් එකක්. ඒකේ rows 6 ක ගොඩාක් දිග ලී මේස 6ක් තිබ්බා. එක මේසෙක දෙපැත්තෙන් දිග බංකු 2ක් හරියට නිකන් හැරී පෝටර් එකේ වගේ. goosebumps !!
YOU ARE READING
VITAMIN C | House Of The Gryphon
Fantasyයථාර්ථයෙන් ඔබ්බට ගිය විටමින් C ෆැන්ටසියට ඇතුල් වීමට ඇරයුමක්... (tulip × lotus)