අහලා තියෙනවද hazel ඇස් ගැන. දැකලා තියෙනවද කාන්දු වුනු තෙල් මිශ්‍ර වෙච්ච මුහුදු වතුර. මුහුදු වතුර නිල් පාටයි තමයි. ඒත් ඈතට දැකලා නැද්ද රිදී පාටින් දිලිසෙන මුහුදු වතුර. ඒ වතුරට දැන් නැව් වලින් කාන්දු වෙන තෙල් මිශ්‍ර කරන්න. ඒ තමයි අලු පාට එක්ක මිශ්‍ර වුනු කොල පාට ඇස්...
නුහුරු පාරක දවස් ගානක්
පුරුදු හැඩරුවෙ මනෝ පාරක්
ගැඹුරු දෑසක මුහුදු පතුලක්
වැතිරුනා සිතෙ ළපටි බැල්මක්...
ගං ඉරි මඩිති පසු පස යනෙන
ළපටි මිමිණුම් ගොරහැඬි වේද
හැඟුම් දිය වෙයි කැකෑරෙන පපු මැද
බොර ඇස් මැදින් හස්කි ඇස් දුටින...
කැකෑරෙන කුතුහලය පපුවට අනින
එබි එබී සිතුණි දැකුමට දෙවර තුන්වර
දැකුම්කළු දෑස හරියට අලු වෙලා පාට
සිදාදිය හැරයන්ට නොම වේය මගෙ සිත...
දියවුනි එකවර මගේ සිත ඒ හස්කියට
නොදනිමි මගේ සිත ඇයිද පෙමින් බර
පෙමක් ඇති වේද කමක් නැත සුවඳ මලකට
පිරිමියෙකුටයි ලොල් වූයේ මගේ සිත එකවර...
ගම් රට දමා හැර ආවෙ මා මෙකල
සිදාදි හස්කියාව දැකුමට ආශාව මා හට
බොර පාර ඇස් දෙකක් හිමි මෙමට
මුහුදු ඇස් දෙදරයිද මා ළඟ එලෙස
බලා සැනසෙන්න රුවක් හිමි මට
ළඟ ළඟින් යනෙන හස්කි රුව දැක දැක
කන අඟින් ඇහෙන රවුදුල් හඬට ලොල් මම
බලා පමණක් සැනසෙන්නෙ කොහොමද
හස්කි සුවඳට ලොල්ව දඟල
උර පළල් පිරිමියෙකි මමත් තව
සිතේ තැවැරුන නොකී ආලය
අසම්මත හැඟුමකි ලොවම හඳුනන................................................
මට ඉන්නවා යාලුවෙක් එයා පුදුමාකාර විදියට වචන ලස්සනට අමුණනවා. එයා wattpad නෑ . Bl කතා බලන්නෙත් නෑ . ඒත් මං කිව්වා මම පළවෙනි වතාවට කතාවක් ලියනවා ස්කෝලෙ යන පිරිමි ළමයි දෙන්නෙක් අතර ඇති වෙන ආදරයක් ගැන , මටත් ලස්සන නුසඳැසක් ලියලා දෙන්න ඒ පොතට දාන්න කියලා . එයා මගෙන් කතාව ගැන මං ලියන්න ඉන්න විඳිය ගැන ඇහුවා. ඊට පස්සෙ මට මේ නිසඳැස එදාම රෑ එව්වා. මේ හැම පදයක් ම විස්තර කරලා මට voice msg එව්වා. තේරුම හරිම ලස්සනයි වගේම මේ තාක් කතාවෙ ආදරය කියන පැතිකඩ විතරක් මේ පද ඇතුලෙ සම්පූර්ණයෙන් ම තියෙනවා. මං අතින් voice msg ටික delete උනා. මේ පද ටික විතරක් ඉතුරු උනා. මගේ සෞන්දර්යාත්මක හැකියාව බිංදුවයි. මේ පද නිර්වචනය කරන්න මං ළඟ තියෙන වචන ලස්සන මදි වෙයි.
මගේ යාලුවා සමහර විට මේ පොත සම්පූර්ණ උන දවසක කියවාවි... සමහර විට...
ඉතින් එදාට දකින්න ගොඩක් ස්තූතියි...❤️
>>
YOU ARE READING
VITAMIN C | House Of The Gryphon
Fantasyයථාර්ථයෙන් ඔබ්බට ගිය විටමින් C ෆැන්ටසියට ඇතුල් වීමට ඇරයුමක්... (tulip × lotus)