3

26 2 0
                                    

3-4 පරිච්ඡේද ගොඩක්කම්මැලි වේවි. මේ පරිච්ඡේද වලදි සෞම්‍ය කියන චරිතයේ වර්තමාන මනස නිර්මාණය වෙන්න හේතු වුණු අතීතය ගැන තියෙන්නෙ.

සෞම්‍යගේ කුඩා කල සිට මේ දක්වා ජීවිතය පිළිබඳ බිඳක්...

සෞම්‍යගෙ ගම පිහිටලා තිබ්බෙ ලංකාවෙ පහළම කොටසෙ , දකුණු පළාතෙ. ගම හරි ලස්සනයි . හම්බන්තොටත් ඇඹිලිපිටියත් අතර වලවේ ගඟ ගලන් යන පැත්තක රම්බා රජ මහා විහාරෙ කිට්ටුව.

රම්බා විහාරෙ කියන්නෙ අක්කර ගානක පැතිරිලා තියෙන නටබුන් ගොඩක් එක්ක ලොකු ඓතිහාසික වටිනාකමක් තියෙන ලොකු පන්සලක්. ඒ පන්සලේ ඇවිදින්න දවසකුත් මදි. පොඩි කෞතුකාගාරයක් , ආභරණ ඇල්ල , නටබුන් ,චෛත්‍යය ඇතුළෙ තියෙන පොඩි චෛත්‍ය , ලොකු චෛත්‍යයෙ ඇතුලු බිත්තිය පුරාම ඇදල තියෙන සිතුවම් , පුංචි පෝනියෝ ,මුවෝ , පොඩි හාමුදුරුවරු හදන බලු පැටව් , විහාර භූමියට ඇතුලු වෙන්න තියෙන පාලම යටින් යන ලොකු ඇළ , පෝය දවසක වගේ නම් කතරගම කඩ පේළි වගේ තියෙන කඩවල් ටික . රම්බා විහාරෙ කොටස් දෙකකට බෙදන්න පුලුවන් , ඔය පෝය දවසට කඩවල් දාන අනිත් දවස් වලට පන්සලට එන ලොකු ලොකු වාහන නතර කරල තියන්න පුලුවන් විදියට සුදු බ්ලොක් ගල් වලින් බිම හදල තියෙන කොටස හා විහාර භූමිය. ඒ දෙක අතර මැද ලොකු ඇළ සුදු අත් වැටක් එක්ක ඇළ උඩින් පාලම ඒ කොටස් දෙක යා කරලා තියෙනවා.

සෞම්‍ය හැම පෝයට ම ආච්චි එක්ක ඒ පන්සලට යනවා සිල් ගන්න. ආච්චි කිව්වෙ සෞම්‍යගෙ තාත්තගෙ අම්මා.
සෞම්‍යගෙ අම්මගෙ අම්මට සෞම්‍ය කියන්නෙ රන්නෙ ආච්චි කියලා . ආච්චිලා දෙන්න අතරින් සෞම්‍ය වැඩිපුරම කැමති තාත්තාගේ අම්මට. ඉතින් ආච්චි එක්ක සිල් ගන්න ගියාම සෞම්‍යට පුලුවන් මුලු දවසෙම පන්සල් වත්ත වටේ ඇවිදින්න. කොච්චර ඇවිද්දත් සෞම්‍යට එපා වෙන්නෙ නෑ . පෝය දාට සිල් ගන්න හතර වටින් ම ගොඩාක් කට්ටිය රම්බා විහාරෙට එනවා. ඔය සෞම්‍යත් ගමේ පන්සලට යන්නෙ නැතුව ඒක පාස් කරං ආච්චි එක්ක රම්බ විහාරෙට එන්නෙ. රම්බා විහාරෙ ලොකු හාමුදුරුවෝලු සෞම්‍යට අකුරු කියෙව්වෙ. ඒක හින්ද ලු හොඳට ශිල්ප ශාස්ත්‍රෙ එහෙම පිහිටල තියෙන්නෙ අනේ මං දන්නෑ ඕව නම් ඔය ආච්චි නෙ එහෙම කියන්නෙ. ආච්චිට දැන් අවුරුදු 80ක් වුනාට දෙයියනේ කියලා ආච්චි හොඳට ඇවිදල කරල ඉන්නව. කාගෙන්වත් උදව්වක් බලාපොරොත්තු වෙන්නෙ නැති හිත ශක්තිමත් නිසා ම වයසට ගියත් ගතත්  ශක්තිමත් යකඩ ගැහැනියක්. මේ ගම් පලාතෙ සෞම්‍යගෙ ආච්චිව අදුරන්නෙ නැති කවුරුවත් නෑ . ආච්චිට ගමේ ඉඩම් දෙක තුනක් ලොකු කුඹුරක් එහෙමත් තියෙනවා.හැමෝම ආච්චිට ගරු කරනවා. හැමෝම ආච්චිට ආදරෙයි. ආච්චි තාමත් ඉගෙන ගන්නවා, තාමත් පාඩම් කරනවා. ආච්චිලගෙ ගෙදර පිරිත් පොත් , බණ පොත්, හෙළ වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ පොත් ඉතිහාස පොත්, වගේ ගොඩාක් පරණ පොත් වලින් පිරීලා. සෞම්‍ය ත් එහෙ ගියාම හිටපු ගමන් ආච්චිගෙන් පොත් ඉල්ලන් කියවනවා.

VITAMIN C | House Of The Gryphon Where stories live. Discover now