4

22 3 0
                                    

ඕක වුනායින් පස්සෙ ආයෙ පුංචි සෞම්‍ය දවල්ට නිදා ගත්තෙ නෑ හැබැයි රෑට නිදාගන්න කලින් අනිවාර්යයෙන් සෞම්‍යයි මල්ලියි අම්මටයි අප්පච්චිටයි වදින්න ඕනෙ. අප්පච්චිට වදින වෙලාවෙ අප්පච්චි සෞම්‍යව ආයෙ වැරදි විදියට අල්ලනවා. තවත් ඉවසන්න බෑ. සෞම්‍ය අම්මට මේ ගැන කිව්වා අම්මෙ අප්පච්චි මගේ මෙතන අල්ලනවා කියලා පෙන්නලාම කිව්වා. එදා ගෙදර අප්පච්චියි අම්මයි රන්ඩු වුනා.එදා පුංචි සෞම්‍ය ශිශ්‍යත්ව පංති ගියේ තනියම. වෙනදා අම්මනෙ තාත්තා අරන් දීල තිබ්බ ලස්සන ලොකු රතු පාට මවුන්ටන් බයිසිකලෙන් එක්කන් ය්න්නෙ. සෞම්‍යට ඔය අප්පච්චි කියන එකාව අප්පිරිය උනා. දැන් අම්මා බැනලා බැනලා යවාවි. එතකොට ප්‍රශ්නෙ ඉවරයි.

ඒත් සෞම්‍ය හිතපු විදියට උනේ නෑ පංති ඇරිලා ගෙදර එනකොටත් අර මනුස්සයා ගෙදර හිටියා. කිසිම දෙයක් උනේ නැති ගානට අම්මත් කිසි වෙනසක් නෑ . අම්මා පුංචි සෞම්‍යව ලගට අරන් කිව්වා අනිත් දවසෙ නිදා ගන්නකොට දොර වහන් ලොක් කර ගන්න නාලා ඉවර වෙලා රෙදි අරන් ගිහින් එතනම ඉදන් ඇඳන් එන්න කියලා එච්චරයි .පුංචි සෞම්‍යගෙ මනස හිස් උනා කිසිම හැඟීමක් නැති වුනා. තමන් වෙනුවෙන් කවුරුවත් නෑ මං තනි වෙලා.

එදායින් පස්සෙ අප්පච්චි සෞම්‍යව අතපත ගාන්න ආවෙ නෑ .පුංචි සෞම්‍ය පිටිපස්සෙ මිදුලෙ ටැප් එක ළඟ රැකන් ඉඳලා ගෙම්බො අල්ලන් ඇවිත් අප්පච්චිගෙ සපත්තු දෙක අස්සට දාලා යන්න බැරි වෙන්න මේස් දෙක සපත්තු කට උඩින් තියන්න ගත්තා. අප්පච්චි ගෙ ඇදුම් බෑග් එකට ගල් කැට දැම්මා . අම්මටවත් අප්පච්චිටවත් වදින්නෙ නැතුව නිදාගත්තා. එතකොටවත් මේ මනුස්සයා යාවි කියලා හිතලා. ඒත් කිසි වෙනසක් වුනේ නෑ සෞම්‍ය ශිශ්‍යත්වෙ ලිව්වා. ලියලා පාස් වුනා ලොකු ඉස්කෝලෙකට ගියා. ඒ සතුටට රන්නෙ ආච්චි රත්තරං මාලයකුත් අරන් දුන්නා. රත්තරං ගැන වැඩි අවබෝධයක් නැතත් පුංචි සෞම්‍ය මාලෙට කැමති උනා. පංචායුධේ දාපු රත්තරං මාලෙ තමයි එයාට ලැබුණු පළවෙනි මාලේ. ඒක මේ ළගක් වෙනකම් ම තිබ්බා පස්සෙ නැති වෙලා ඉතින් සෞම්‍යට මේ මාලෙට ආස හිතුනා. පස්සෙ ඒකත් පේන්න තිබ්බෙ නෑ අම්මගෙන් ඇහුවම කිව්වා ඒක නැති වෙලා කියලා. අම්මා වෙන එකක් අරන් දෙන්නම් කියලා. කමක් නෑ ඒක් නැති වුනාට අම්මා එකක් අරන් දේවි නේ . පුංචි සෞම්‍ය හිත හදා ගත්තා.

VITAMIN C | House Of The Gryphon Where stories live. Discover now