සෞම්‍යට හැම අවුරුද්දක ම උපන් දිනේට ඩයරියක් හම්බෙනවා. අම්මගෙන් ...
එක එක පාට ඩයරි.
එයා ළඟ දැනට ඩයරි 6ක් ම තියෙනවා. එයාට උපන් දිනේට අම්මා ඩයරි අරන් දෙන්න පටන් ගත්තෙ සෞම්‍යට අවුරුදු 11 දී ඉදන් .
එයා ඩයරි වලට ආසයි.
අම්මා මුල්ම ඩයරිය එයා අතට දෙනකොට කියල දුන්නා ඩයරිය කියන්නෙ මොකක්ද ඒවගෙ ලියන්නෙ මොනාද ලියන්නෙ කොහොමද කියන එක.
අම්මා කිව්ව විදියට ඩයරිය එයාගෙ හොද ම යාලුවා කර ගන්නත් පුලුවන් . හැම පුංචි රහසක්ම දන්න හොද යාලුවෙක්.
ඒත් සෞම්‍යට ඕනෙ උනෙ නෑ එයාගෙ රහස් කවුරුවත් ම දැන ගන්නවට කවදාවත් ම.
අනික එයාට ලැජ්ජ හිතුනා ඩයරියට පණ නැතත් එයාගෙ පුංචි පුංචි රහස් අකුරු වලට නගලා ඩයරියට පණ දෙන්න. එතකොට ඩයරිය එයාගෙ හැම දේම දැන ගන්නවනේ... අනේ...
එයා තශෘ ව මුලින් ම දැක්ක දවසෙ එයාට හිතුනා තශෘ ගැන ඩයරියට දාන්න. අමතක කරන්න බැරි ලස්සන ඇස් දෙකක් නෙ අප්පා එයාට තිබ්බෙ. සෞම්‍ය 6 වසරෙදි චිත්‍ර තෝර ගත්තා කාණ්ඩ විශයන් වලින්.
එයා තශෘ ගෙ ඇස් දෙක තශෘ ව දැක්ක දවසට අයත් කොටසෙ ඇන්දා
2018.05.23
එදා පටන් ගත්ත ඒ පුරුද්ද අද වෙනකම් ම එයා කරගෙන ආවා.
සෞම්‍ය එයාගෙ ඒ පුරුද්ද දවසින් දවස දියුණු කරගත්තා .
එයා ලස්සන පුංචි පුංචි මල් වේලුවා, තණකොළ වේලුවා, කොල වේලුවා
ඒවා ඊට පස්සෙ තශෘ ගැන ඩයරියෙ ලියනකොට ඇලෙව්වා. ලස්සන font styles හොයා ගෙන ඒ විදියට අකුරු ලිව්වා. ලස්සන පුංචි පුංචි රූප ඇදල පාට පැන්සල් වලින් පාට කරා, පාට පෑන් වලින් හැඩ දැම්මා..
එයා ඩයරියකට එහා ගිය දෙයක් පුරුදු වුනා , තශෘ නිසා... තශෘ වෙනුවෙන්...
Junk Journalism....
සෞම්‍ය දැන් පුංචි junk journalist කෙනෙක් . ඒක දැන් එයාගෙ hobby එක. එයාට දැන් ලස්සනට චිත්‍ර අදින්නත් පුලුවන් .
example for junk journalism
එදා රෑ එයා vitamin C පෙත්තක් කටේ දාගෙන එයාගෙ ඩයරිය... නෑ ... journal book එකයි පාට පෑන් පාට පැන්සල් , චිත්‍ර අදින පැන්සල් දාලා තියෙන පර්ස් එකයි ඇදට අරගෙන ආයෙමත් එයා අවසානෙට මේ අවුරුද්දෙ දි දැකපු ඒ ඇස් අදින්න ගත්තා... අද result ආපු දවසෙC පෙත්ත සුපුරුදු මිහිරි ඇඹුල් රහකින් කටේ දිය වෙනවා...එක ඇහැක් ඇඹුලටම පොඩි වෙනවා... සෞම්‍ය ඇස් දෙක ඇදල ඉවර කෙරුවා.
2024.03.23
YOU ARE READING
VITAMIN C | House Of The Gryphon
Fantasyයථාර්ථයෙන් ඔබ්බට ගිය විටමින් C ෆැන්ටසියට ඇතුල් වීමට ඇරයුමක්... (tulip × lotus)