𝐌𝐎𝐍𝐒𝐓𝐄𝐑 𝐁𝐄𝐇𝐄𝐌𝐎𝐓𝐇
බෙහේමූත් කියන්නෙ පුරාණ ශාක භක්ෂක , ක්ෂීරපායි යෝධ ටයිටන්වරයෙක්. ලෝකයේ මැවීම් ආරම්භයේදී දෙවියන් විසින් මවපු ප්‍රාථමික අවුල්සහගත රාක්ෂයෙක්.නිරයේ ජීවත් වෙන බෙහේමූත් තනි රණ ශූරයෙක්ට ජයගත නොහැකි ගොඩබිම් රාක්ෂයෙක් . බෙහේමූත් නිරයේ ඉදන් සාතන්ගේ අපායගාමී මුරකරු ලෙසත් නිරයේ බෝජන සංග්‍රහ අධීක්ෂකයෙකු ලෙසත් ක්‍රියා කරනවා.
බෙහේමූත් රාක්ෂයෙක් වුනත් කොයිතරම් යෝධ ටයිටන්කෙනෙක් වුනත් බෙහේමුත් කියන්නෙ තමන්ගේ පාඩුවේ ඉන්න ශක්තිවන්තයෙක්ට. කිසිම විදියකින් හිතුමනාපෙට ලෝකය විනාශ කරන්නෙ නැති ටයිටන් කෙනෙක්. බෙහේමූත් දරුණු විනාශකාරී සත්ත්වයෙක් වෙන්නෙ තමන්ගෙ ඇල්ෆා නිසා.
මෙතනදි ඇල්ෆා කියලා කියන්නෙ බෙහේමූත් ඇතුළු සියලු ටයිටන්වරු තමන්ගෙ නායකයා විදියට පිළිගන්න ශක්තිමත්ම ටයිටන්වරයාට. ඇල්ෆාගෙ අණකට කිසිම ටයිටන්වරයෙක් අකීකරු වෙන්න නෑ.
APPEARANCE
බෙහේමූත්ගෙ බාහිර ස්වරූපය ගැන කිව්වොත් , වටකුරු බඩක් සහිත අත් පා ලෝකඩ බට තරම් ශක්තිමත් , මැමත් අලියෙකුගේ තරම් දිග දළ යුගලක් ඇති මානවයින්ගේ අලියෙකු වැනි අති විශාල රාක්ෂයෙක්.
උස අඩි 354 ක් පමණ වන අතර දුඹුරු පාට ඝන ලොම් වලින් මුලු ශරීරයම වැහිලා තියෙන්නේ.
වානරයෙක්ගෙ වගේ පසුපස පාද දෙකට වඩා ඉදිරි පාද දෙක දිගයි.
පිටේ ගැටිති කීපයක් දකින්නත් පුලුවන් ඒවා කාටවත් විනාශ කරන්න බැරි තරම් ශක්තිමත්.
YOU ARE READING
VITAMIN C | House Of The Gryphon
Fantasyයථාර්ථයෙන් ඔබ්බට ගිය විටමින් C ෆැන්ටසියට ඇතුල් වීමට ඇරයුමක්... (tulip × lotus)