"හොඳයී...සුබෝදෑසනක් මා දයාබර නංගේ මල්ලේ....අද අප සියලු දෙනා මෙතනට පැමිණ සිටින්නේ...සීඩර් ග්‍රෝව් හොස්ටල්හි සාම්ප්‍රදායිකව පැවැත්වෙන වාර්ෂික චාරිත්‍රය නොහොත් වාර්ෂික ව පැවැත්වෙන සාම්ප්‍රදායික චාරිත්‍රය ආරම්භ කිරීමටයි."
මිටි පොරක් ගහ වටේ තියෙන එක බෙන්ච් එකක් උඩට නැගලා සීරියස් පිට බෙරිහන් දෙනවා.
"මෙම චාරිත්‍රය ගැන කෙටියෙන් සඳහන් කළහොත්... මෙය...අපගේ ආදි මිතුන් මුත්තෙකු වන... ශ්‍රීමත් ජෝන්ස් වෙරිවීලා වැටෙන තුරු උතුමානන්ගේ ශ්‍රේෂ්ඨ සංකල්පයක් මත... එකදාස් නවසිය බර ගණන් වලදී ආරම්භ වූ... නවකයින් ගෙම්බන් කිරීමේ මහා සංග්‍රාමය ලෙස නම් කල 'අපොයි හත්ත' නම් පුරාණ චාරිත්‍රයයි"
දැනිලා තියෙනවද ඝාන්ඨාරයක් වෙන්න හිටිය එකෙක් අම්මගෙ කීමට මනුස්සයෙක් වෙලා උබ ඉස්සරහ හිටගෙන කෑ ගහද්දි දැනෙන ෆීලිං එක.
අපොයි හත්ත තමයි ඉතින්.මූ කතාව පටන් ගත්තෙ ෆුල් සීරියස් පිට නිසා ගහ ලගට එකතු වුණු හැමෝම සද්ද බද්ද නැතුව අහං හිටියා. මූ නිකං දේශපාලන රැස්වීමකට ගිහින් ජාතිය අමතනව වගේ අත පය විසි කර කර කතා කරද්දි කව්ද අනේ හිතන්නෙ wrong side ගිහින් ජැක් ගහයි කියලා . අපොයී හත්ත !
හැමෝම කටවල් වහන් බිම බලන් හිනා වෙනවා. මූ කියන හරුප වලට මට නම් හිනා ගියේ නෑ . මට ඊට වඩා ලොකු රාජකාරියක් තිබ්බා.
මං සක බඹරෙ වගේ හතර වටේටම කැරකි කැරකි අර ඇස් දෙක හෙව්වා. දෙයියනේ ඒ අයියත් මේ හොස්ටල් එකේම ද නැවතිලා ඉන්නෙ.
ම්හු... පේන්න නෑ . මං ටිකක් උසින් අඩු නිසා මගේ දර්ශන පතය අවහිර වෙලා. මං සුසුමක් හෙලල බිම බලා ගත්තා. මනෝද් ඉන්නවා මගෙන් එහා පැත්තෙ. මට අහන්නත් හිතයී....
අහන්න කියන්නෙ.. මට අහන්න ගොඩක් දේවල් තියේ. ඇයි අපිව මේ පාන්දර ජාමෙක ගහක් මුලට දක්කන් ආවෙ , කව්ද කොළබ යකා , අලු කොල ඇස් තියෙන අයියා කව්ද , අපි ඉස්සරහ අපබ්බ්‍රංස කියව කියව බෙරිහන් දෙන කොටා කව්ද...
මේ දේවල් අහන්න මං කට හදන් මනෝද් දිහා බැලුවා . ඌ අත් දෙක බැදන් අර කොටා කියන දේවල් සීරියස්ව අහන් ඉන්නවා. ආයෙ එක්කො ඕනෙ නෑ කියලා මං බිම බලා ගත්තා. මනෝද් මට වඩා ටිකක් උසයි. ඌට තිබ්බෙ කැරලි කලු කොන්ඩයක්. ඌ ලස්සන කොල්ලෙක් . ඒ වගේම කරුණාවන්තයි. ඒ හින්දා ආයෙ සැරයක් මං මට තියෙන ප්‍රශ්න අහන්න කට හදන් මනෝද් දිහා බැලුවා. එතකොට ම කොහේදෝ ඉදන් ගෑනු ළමයෙක් ඇවිත් මනෝද් එක්ක කතා කරන්න පටන් ගත්තා. මං ආයෙත් බිම බලා ගත්තා. අද මෙතනට ගෑනු ළමයි තුත් ඔක්කොම ඇවිල්ලා වගෙ.
YOU ARE READING
VITAMIN C | House Of The Gryphon
Fantasíaයථාර්ථයෙන් ඔබ්බට ගිය විටමින් C ෆැන්ටසියට ඇතුල් වීමට ඇරයුමක්... (tulip × lotus)