"This is a more serious incident than we think මචං "
"හ්ම්ම්.."
"බෙහේමූත්* මේ වෙද්දි තැන් දෙක තුනකින් ම appear වෙලා තියෙනවා. ඇමේලගෙ griffin ලට විතරක් නෙවෙයි අපේ crew එකටත් බෙහේමූත්ගෙ රේඩාර් අහුවෙලා."
"ම්ම්ම්... I know.."
"ඇමේලගෙ උන් ළඟදිම හෝඩ් එකට request කරාවි. මේ සැරේ අපිටත් උන් එක්කම request කරන්න වෙනවා මචං. මේ සැරේ උන් request කරන්නෙ වැදගත් දේකට. උන්ගෙ කලින් වුකන වුත්තවල් වලට කරපු රෙක් වගේ නෙවෙයි මචං මේක අපිට ignore කරන්න බැරි දෙයක්."
"Mmm... I know..."
"I know හූනෝ නෙවෙයි බකමූණෝ ! ඔය ටොපිය පැත්තක දාලා මං කියන දේ අහපංකෝ යකෝ... අනේ අක්ෂී තෝත් මෙතන කටුස්සා වගේ ඔළුව වන වන ඉන්නෙ නැතුව මෙන්න මුගේ ඔළුවට දෙකක් ඇනපංකෝ..
ආර්නව්..!!!!"
"මේ මේ උබ මට කටුස්සා කියන් එන්නෙපා හරිත... උස්සලා ඔලුව වටේ හත්වටක් කරකවෝලා ගහනවා පොලොවෙ ගස් ගෙම්බා
ආර්නව් අතෑරපන් ඔය ටොපිය. මෙතන අපි වැදගත් දෙයක් ගැන කතා කරන්නේ"
දේශගුණය , කාලගුණය මොන විදියකින් වෙනස් වුනත් හැමදාමත් නිල්ල ගැහිලා තියෙන , වැටුණත් කවදාවත් සීරීමක් වත් වෙන්නෙ නැති පුදුමාකාර තණ බිස්සකින් වැහිලා තියෙන අති විශාල පිට්ටැන්නෙ මැද ෆයිල් එකක් අත යටින් ගහගෙන වෙනම ලෝකෙක කිමිදෙමින් තරුණයෙක් ටොපි කවරෙ පරිස්සමෙන් දිග අරිනවා. දැන් ඉර මුදුන් වෙලත් පිට්ටනිය මැද හිටගෙන උන් මේ තරුණයාට තියා පිට්ටනියේ සෙල්ලම් කරන කිසිම ළමයෙක්ට ඉර අවුව කවරදාකවත් සැරට දැනුනේ නෑ. සමහරවිට ඒකට හේතුව පිට්ටනියේ වටේ ම හැදිලා තියෙන මේ රූස්ස ඕක් ගස්වල මොකක් ම හරි බලපෑමක් වෙන්නත් පුළුවන්. හරියටම ගණන් කරොත් විශාල පිට්ටනිය වටේ තියෙන මුලු ඕක් ගස් ගණන හයක්. ඕක් ගස් වලට බාධා නොවන විදියට ඒවා අතර සෑදූ පැවිලියන් 6කි.
YOU ARE READING
VITAMIN C | House Of The Gryphon
Fantasyයථාර්ථයෙන් ඔබ්බට ගිය විටමින් C ෆැන්ටසියට ඇතුල් වීමට ඇරයුමක්... (tulip × lotus)