11

17 2 0
                                    

අයියෝ හති දැන්නම්....

මං පිට්ටැන්නෙ අයිනෙ තිබ්බ ලොකු ගහක් යටින් වාඩි වෙලා වතුර බෝතලේකුත් අතේ තියන් හති අරින ගමන් ඉන්නේ. උදේ පාන්දර හීතල ම හීතල වතුරෙන් නාන්නත් උනා අර කෙහෙල්මල් අපොයි හත්ත නිසා. අපිට කොයින්ද ඉතින් hot water. උඩම තට්ටුවේ අයට නම් hot water තියෙයිලු. අයියෝ ඉතින් නිර්ධන පන්තියේ අපි සෙට් එක හීතල වතුරෙන් ගිඩි ගිඩි ගාලා වෙව්ලන ගමන් නාගත්තා. සබන් කෑල්ල අතට ගත්තාම මීමැස් මොරේ හැදිලා වගේ වෙව්ලනවා. සබන් කෑල්ල ඇතිල්ලුවා මං කොන්ඩෙ ගැලවිලා අතට එනකම්ම . ඊක්කා මතක් කරද්දිත් අර සුප් එකේ පල් රහමයි දිවට දැනෙන්නෙ. කොච්චර ඇතිල්ලුවද කියනව නම් අවසානෙදි පිටත් දැවිල්ල ගත්තා. ගඳ මතක් වෙද්දි වමනෙට වගේ.

බ්වෑක්කා

අපි අදත් ස්කෝලෙට ඇදන් ගියේ පාට කිට් එකක් . පාට කිට් එකක් කියන්නෙ මේක ස්කෝලෙ sport කිට් එක. මගේ කිට් එක හරියටම උදේ 6 වෙද්දි අපේ room එකේ දොර ළඟ බිත්තියට අල්ලලා තියෙන ලී පෙට්ටිය ඇතුලෙ තිබ්බා. ඒ ලී පෙට්ටිය ගොඩාක් ලොකු එකක් වත් ගොඩාක් පොඩි එකක්වත් නෙවෙයි , සාමාන්‍ය ප්‍රමාණයේ එකක්. ඒක මගේ වැලමිට ළඟ ඉදන් අතේ ඇඟිලි ළඟට විතර වෙනකන් ගැඹුරුයි. පළල මගේ වියත් දෙකකට ටිකක් වැඩියෙන් වගේ. ඒක ඇතුලට පාර්සල් එකක් වැටුන ගමන් කාමරේ ඇතුලට පුංචි සීනු හඬක් ඇහෙනවා. එතකොට අපි ගිහින් පාර්සල් එක ගන්නෝනෙ. මෙහේ 4න් තියා ගන්න එක තහනම් නිසා අපිට ගෙදරට ලියුම් ලියල ඒවත් අර ලී පෙට්ටියට දාන්න පුළුවන් .

හවස ආවාම අම්මට ලියුමක් ලියන්නෝනෙ.

ස්කෝලෙ sport කිට් එක ළපටි කෙහෙල් කොලේක පාටයි හුඹස් මැටි දුඹුරු පාටයි , T shirt එකේ වැඩිපුර තිබ්බෙ කොළ පාට , දුඹුරු පාට බොටමෙ දෙපැත්තෙන් කොළ පාට ඉරි දෙකක් ගිහින් තිබ්බා. T shirt එකේ පිටිපස්සෙ ස්කෝලෙ නම කලු පාටින් ගහලා තිබ්බා. ඉස්සරහ වම් පැත්තෙන් school badge එක. කොහොම හරි කිට් එක මං අඳින විදියෙම ගානට තිබ්බා. මේක ඇන්දාම ඇඟට සැහැල්ලුයි.

හැබැයි මට ලොකු ප්‍රශ්නයක් ඇති උනා , කෝ මට sport වලට දාන්න පුළුවන් සපත්තු !!

VITAMIN C | House Of The Gryphon Where stories live. Discover now