_*ENDLESS LOVE*_ ♥🌼🐯
_CHAPTER 02_සන්හී අමාරුවෙන් හරි නැගිටලා kitchen එක පැත්තට ගියෙ ටේගෙ කෑම ටික මේසෙට අරින්න. ටේ කවදාවත් සන්හී එක්කන් එකට කෑම අරගන්නෙ නෑ. හැමදාම එලියෙන් කාලා එනවා මිසක් සන්හී උයන කිසිම දෙයක් අද වෙනකන් ටේ කාලා නෑ ඒත්.. සන්හී තාමත් ටේට කෑම හදනවා කන්නෑ කියලා දැන දැනමත්.
කෙල්ල හෙමීට කෑම ටික මේසෙට ඇරලා ටේගේ room එකේ දොරට තට්ටු කලේ ටේට කන්න එන්න කියන්න. කොච්චර තට්ටු කලත් ටේගෙන් සද්දයක්වත් නෑ.. සන්හී ටේට කතාකරන්න යද්දිම එකපාරට දොර ඇරුනා.
සන්හී ටේව දැකලා එහෙම්මම අනිත් පැත්ත හැරුනෙ ටේ හිටපු විදිහට . ටේ හිටියේ ටවල් එක පිටින් . කොණ්ඩෙ දිගේ වතුර බිංදු වැක්කෙරිලා කොල්ලගෙ abs වල ඉදන් ගලාගෙන යනවා. තෙත් උන කොණ්ඩෙ නිසා ටේ ගොඩක් sexy වෙලා වගේ පෙනුනේ. හැබැයි කොල්ලා ගොඩක් කේන්තියෙන් ...
🐯:- මොකක්ද වෙලා තියෙන්නේ තමුසෙට.
🌼:- ම... මන් ආවේ ඔයාට කන්න එන්න... කියන්න
🐯:- මන් කවද්ද තමුසෙ උයන ජරාව කෑවේ ආ. පාඩුවෙ යනවා යන්න මෙතනින්
ටේගේ සද්දෙට ගැස්සුන පාර කෙල්ල එහෙම්මම එතනින් යන්න හදද්දිම ටේ ආයෙත් සන්හිට කතාකලා.
🐯:- පොඩ්ඩක් ඉන්නවා
🌼:- අහ්.. ඇ...ඇයි
ටේ එහෙම්මම එයාගේ room එක ඇතුලට ඇවිල්ලා පොඩි bag එකක් සන්හිට දුන්නා. සන්හී ඒක අතේ තියාගෙන බලන් ඉද්දි...
🐯:- ඕක ඇදගෙන ලෑස්ති වෙනවා ගමනක් යන්න තියනවා .
🌼:- දැන් ..... ඒත්
🐯:- දැන් තමයි... ඉක්මනට එනවා පරක්කුයි
🌼:- ඒත්
🐯:- තමුසෙට මන් ආය කියන්නෑ ඉක්මනට එනවාන්
🌼:- අරස්සෝ
ටේට තවත් කේන්ති යන්න කලින් සන්හී ඉක්මනට එයාගෙ room එකට ගියා. ටේහ්යුන් එන්න කිව්වත් කොහෙද යන්නෙ කියලා සන්හී දැනන් හිටියේ නෑ.. කෙල්ල ඕන එකක් කියලා හිතලා ටේ දුන්න ඇදුම ඇදගත්තා. ඒත් සන්හිට ඒක ඇදන් යන්න අපහසුයි වගේ දැනුනේ ඇත්තටම ඇදුම ගොඩක් කොට නිසා. සන්හී ගෙදරදි කොටට ඇදලා තිබ්බත් කවදාවත් ටේගේ ඉස්සරහා කොටට ඇදන් ඉදලා නෑ.
YOU ARE READING
𝘌𝘕𝘋𝘓𝘌𝘚𝘚 𝘓𝘖𝘝𝘌.... ♥♡♥(COMPLETED)
Fanfictionඅහම්බෙන් සිදු උනු විවාහයක් නිසා... වෙනස් උන ජීවිත දෙකක්