අඩ අඩ හිටපු කෙල්ලට අමාරුවෙන් කෑම ටිකක් කවලා ටේහ්‍යුන් සන්හිව උස්සගෙනම කාමරෙන් ගෙනල්ලා තිබ්බේ සන්හී ඉන්නෙ අමාරුවෙන් කියලා තේරුන නිසාම. ඔව් ඉතින් ටේහ්‍යුන් කරපු තරමට කෙල්ල හොදින් හිටියොත් නෙ පුදුමෙ.
ටේහ්‍යුන් එයාගේ රූම් එකටමයි සන්හිව එක්කගෙන ආවේ. ටේහ්‍යුන් කාමරේට එක්කන් එන ටිකටම කෙල්ලට නින්ද ගිහිල්ලා. ටේහ්‍යුන් සන්හිව ඇදෙන් තියලා ලයිට්ස් ඔක්කොම ඕෆ් කරලා සන්හී ගාවටම ඇවිල්ලා කෙල්ලව තුරුලට අරන් නිදාගත්තා. මෙච්චර සන්හී ගාවින් ඉන්න ඕනයි කියලා ටේහ්‍යුන් ට දැනෙන්නෙ ඇයි කියන්න හේතුවක් ටේහ්‍යුන් වත් දන්නෙ නැතුව ඇති...
පහුවදා උදේ සන්හී නැගිටිද්දී ටිකක් පරක්කු උනා. කෙල්ල wash කරගෙන ඇවිල්ලා පල්ලෙහට්ට එද්දි ටේහ්‍යුන් කාමරේට එන ගමන් හිටියේ . සන්හිව දැක්ක ගමන් කොල්ලා එහෙම්මම නතර උනා...
🐯:- නැගිට්ටද ඔයා
🌼:- company එකට ගියෙ නැද්ද ටේහ්‍යුන්
🐯:- නෑ. අද වෙන ගමනක් යන්න තියෙනවා
🌼:- අහ් හ්ම්
🐯:- කොහෙද කියලා අහන්නෙ නැද්ද
🌼:- අහ් අහන්න ඕනද..
🐯:- එපාද
🌼:- මන් ඇහුවට ඔයා උත්තර දීලා නෑනේ
🐯:- දැන් ඉදන් උත්තර දෙනවා. හරි හරි යන තැන surprise එකක්. යන්න ගිහින් ලෑස්ති වෙලා එන්න.
YOU ARE READING
𝘌𝘕𝘋𝘓𝘌𝘚𝘚 𝘓𝘖𝘝𝘌.... ♥♡♥(COMPLETED)
Fanficඅහම්බෙන් සිදු උනු විවාහයක් නිසා... වෙනස් උන ජීවිත දෙකක්