ජනෙල් පියන් අස්සෙන් ආපු ඉර එළිය යන්තමට වගේ මූණට වැටෙද්දි ටේහ්‍යුන් හෙමීට ඇස් ඇරියා... පොඩි බරක් වගේ දැනෙද්දි ටේහ්‍යුන් දැක්කේ එයාගේ පපුව උඩ ඔලුවත් තියාගෙන එයාටම තුරුල් වෙලා නිදාගෙන ඉන්න සන්හිව... ටේහ්‍යුන්ගෙ මූණට පොඩි හිනාවක් ආවේ කෙල්ලව දැකලා...
🐯:- cute....
ටේහ්‍යුන්ට නොදැනිම එයාගේ කටින් පිට උනා... ටේහ්‍යුන් හෙමීට කෙල්ලව ඇහැරවෙන්නෙ නැති වෙන්න නැගිටලා කොට්ටයක් තුරුල් කරලා bathroom එකට ගියා. ටේහ්‍යුන් එද්දිත් සන්හී කොට්ටෙත් බදාගෙන නින්දේ... කොල්ලා හෙමීට ලගට ඇවිල්ලා කෙල්ල දිහා බලන් හිටියේ .
සන්හී හෙමීට ඇස් දෙක පොඩි කර කර නැගිටින්න හදපු හින්දා ටේහ්‍යුන් සන්හී දකින්න කලින් ඉක්මනට ගිහිල්ලා සෝෆා එකේ වාඩි උනා... සන්හී හෙමීට ඇද උඩ ඉදගෙන ඉස්සරහා බලද්දි හිටපු ටේහ්‍යුන්ව දැකලා එකපාරට ගැස්සුනා. කෙල්ල බය උනා ආයෙම ගුටිකන්න වෙයිද කියලා. ටේහ්‍යුන් නැගිටලා සන්හී ගාවට එන්න ගනිද්දි කෙල්ල හොදටම බයවෙලයි හිටියේ . සන්හිගෙ අතට නොදැනිම බ්ලැන්කට් එක පොඩි උනේ බයටම.
🐯:- wash එකක් දාන් පල්ලෙහට්ට එනවා
ටේහ්‍යුන් එහෙම කියලා එලියට ගියාමයි සන්හි හොද හුස්මක් ගත්තෙ. නැත්තන් කෙල්ල හිතුවෙම කන්න වෙයි කියලා.
YOU ARE READING
𝘌𝘕𝘋𝘓𝘌𝘚𝘚 𝘓𝘖𝘝𝘌.... ♥♡♥(COMPLETED)
Fanfictionඅහම්බෙන් සිදු උනු විවාහයක් නිසා... වෙනස් උන ජීවිත දෙකක්