දහ අට වන කොටස 1️⃣8️⃣.

289 32 38
                                    

දේවින්ද්‍ර හිතේ සැනසිල්ලෙන් වාහනය පදවන්නට විය.ගෙදර හිටිය බහිර වහන්සේ තම වාහනයේ අනිත් අසුනේ තමා සමඟ ඉඳගෙන යන විට, සතුටින් සිටීන පුද්ගලයෙක් දකින්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් ය.

ඇත්ත වශයෙන්ම කිවහොත් දකින්නට නොලැබෙන තරම්ය.

දිසස්ට හොදාකාරවම තේරෙනවා දේවින්ද්‍ර ‍මේ කියන දේ, කුමක් හෝ කොස්සක් තියෙන විත්තිය. ඔහු පාටියට ගොස් තමන්ගේ මවට තමාව පාවාදීමට සැරසෙනවා.නැතිනම් ඔහුගේ රත්තරන් වටින නිවසින් තමාව ඈත් කර තියන්නට වෙර දරනවා.

කෙසේ හෝ දිසස් මෙම ගමනට කැමති වූයේ,ඔහුට දේවින්ද්‍ර‍ගේ නිවසේ සිටින විට,සතර පෙරනිමිති පෙනෙන නිසා ය.

"මං බලාපොරොත්තු වෙනවා ඔය පාටියෙදි අම්මගෙ මූණ දකින්න ලැබෙනෙ නැති වෙයි කියලා."

දේවින්ද්‍ර කිසිවක් කීවේ නැත.

"ඔයාට මාව ඇහෙනවද?" තමාගේ අතලග සිටින දේවින්ද්‍රට දිසස් කතා කරේ,ඔහු ලෝකයේ එහා කොනේ සිටිනවා යැයි සිතාගෙනය.

" බොරුවට කෑ ගහන්න එපා දිසස්.මේක office එකක්"

" අනේ පව්! කට්ටියට හරියට නිදාගන්න බැරි වෙයි නේ...."දේවින්ද්‍ර ආයෙමත් කිසිවක් නොකියාම පිය මනින්නට විය.ඔහු නතර වූයේ පිලිගැනීමේ නිලධාරිනිය අසලය.

දේවින්ද්‍රව දුටු සැනින් ඇය, හුන් අසුනෙන් නැගිට ඔහුට ආචාර කරේය.දේවින්ද්‍ර පෙරලා හිස නමා ආචාර කර ලිෆ්ට් එක දෙසට යන්නට විය.

පිලිගැනීමේ නිලධාරිනිය වූ කලී ඉතාමත් රූමත් සහ හුරුබුහුටි තරුණියකි.කොතරම්ද කියනවානම් දිසස්ට ඇගෙන් ඇස් ඉවත් කර ගැනීමට නොහැකි විය.නමුත් කොහොමත් දිසස්ගේ දෑස් කාන්තා පාර්ශවය හමුවේ කීකරු වෙන්නේ නැත.

වයසටද වැඩ.

ඇය දේවින්ද්‍රට මෙන්ම දිසස්ට ද සිනාසී ආචාර කරේය.දේවින්ද්‍ර හිස නමා ගියා සේ දිසස්ද පැනි හලා ගියේය.

දෙදෙනාම Lift එකට ගොඩ වූවාට පසු දිසස් තම කටහඩ අවදි කරේය.

"කවුද ඒ?"

"ඔය අපේ ඔෆිස් එකේ Receptionist.හොදට ඉගන ගත්ත ගෑනු ලමයෙක්"

දිසස් කිසිවක් කීවේ නැත.ඔහූ මනෝ ලෝකයක අතර මන් වී ඇති හැඩයි.දේවින්ද්‍ර ටික වේලාවක් දිසස් දෙස බලා හිද,

🖤My handsome stepdad🖤®️.Donde viven las historias. Descúbrelo ahora