01 කොටස

10K 648 107
                                    

පායනා කාලේදී
රෑ දවල් මහන්සි වී
කන්න දේ රැස් කරත් කූඹියෝ

සීතෙනුත් වැස්සෙනුත්
බේරිලා ඉන්නවා
ගේ සදන් එක්වෙලා කූඹියෝ

"අපෙ අප්පෝ....සිංදු කියාගෙන කොහෙදෑ කිරියො මේ මහදවාලෙ උඩ පැන පැන දුවන්නෙ...."

"තාත්තට බත් ගෙනාවනෙ මං..."

"ඇයි කෝ අද ආච්චම්මා..."

"අම්මගෙ බඩ සිදෙනෝ කියල ආච්චා ගියානෙ අම්මා එක්ක ඉස්පිරිතාලෙ....මට තාත්තට බත් ගෙනිහින් දෙන්න කීවා...මං යනෝ..."

උන් ඉතා ඉක්මනින්
යන්නෙ මේ සන්තොසින්
කම්මැලී නෑ කිසිත් කූඹියෝ

දැන් අපත් ඒ වගේ
ඉන්නවා නම් හොදයි
කම්මැලී නෑ වගේ කූඹියෝ

මගදි නවත්තගෙන කතා කරපු යසෝමා නැන්දට උත්තර බැඳපු කිරියා ආපහු නවත්තපු තැනින්ම සිංදුවත් පටන් අර ගන්න ගමන් ගමේ අලුතෙන් හදන නිවාඩු නිකේතනේ දිහාවට දිව්වා....සති අන්තෙ දවස් හින්දා ඉස්කෝලත් නිවාඩුනෙ....

ආදරේට හැමෝම කිරියා කීවත් කිරියගෙ ඇත්ත නම විදුල්....විදුල් දෙව්සිත....කිරියා නමටම ගැලපෙන්න කිරි පාට හමක් තිබ්බ හුරතලේට හැදිච්ච අවුරුදු දහයක පුංචි කොල්ලෙක්....තමන්ගෙ පවුලෙ අය ඉස්කෝලෙ යාලුවො මුලු ලෝකෙම කරගත්ත දඟකාර පැංචෙක්....අවුරුදු දහයක් උනත් කිරියා තව හරි පුංචියි....බැලූ බැල්මට අවුරුදු අටක වගේ පෙනුම එක්ක දකින කාට උනත් ආදරේ හිතෙන දරුවෙක්....

මෙච්චර කාලෙකට ගෙදර එකම පැටියා උනත් මාස දෙක තුනකට කලින් අම්මගෙ බණ්ඩියට ඇවිත් ඉන්න මල්ලි බබා හින්දා පුංචි කිරියා අයියෙක් වෙන්නයි ඉන්නෙ...දුවෙක්ද පුතෙක්ද තව හරියට කවුරුත් නොදන්නවා උනත් කිරියටනම් අලුත් බබා මල්ලියෙක් වෙලා ඉවරයි....

කිරියගෙ අම්මා වෙච්ච ගංගාත් තාත්තා වෙච්ච සුනිලුත් ආච්චම්මා වෙච්ච ගුණවතීත් කිරියට හරි ආදරෙයි....අම්මටයි ආච්චටයිත් වඩා තාත්තා කිරියට ආදරෙයි....

සුනිල් වෘත්තියෙන් මේසන් බාස් කෙනෙක්....මහ දුරකට අධ්‍යාපනයක් නොලබපු තමන් කරන රස්සාව කැප වෙලා කරන සරල මනුස්සයෙක්....ලොකුවට සල්ලි භාගෙ නොවුණත් අඩුපාඩුවක් නොවෙන්න තමන්ගෙ පවුල රැක බලා ගන්න පුලුවන් තරමට සුනිල් හම්බ කරා....තමන්ගෙ ආදරණීයයන්ට වැස්සෙන් අවුවෙන් පීඩාවක් නොවී ජීවත් වෙන්න සුනිල් හදන්න පටන් ගත්ත ගේ පොඩ්ඩෙ වැඩත් සම්පූර්ණයෙන්ම ඉවර වුණේ මීට මාස කීපෙකට කලින්....

විදූWhere stories live. Discover now