"මොකද්ද කියන්නෙ....අනේ ඒකිට $%ගන්න කියහන්...."
"............."
"හැබැයි දෙනෙතෝ මම ආවොත් නම් ඕකිට කෙල්ලෙක් කියල බලන්නෑ දෙකක් අනිනවා....මොන කරුමයක්ද කියහන්කො....බෑ කියල අඟවද්දි අඟවද්දි පස්සෙන් එන්නෙ....ශිට්...."
"..............."
"මං දැම්ම එන්නෑ....ටික දවසක් මෙහෙ ඉන්නවා...ඕකිට සමරගන්න කියපන් ඕනි එකෙක් එක්ක...."
උදෙන්ම දෙනෙත්ගෙන් ආව කෝල් එකත් එක්ක කේන්ති ඉහවහා ගිහින් හිටපු දිහාන් ෆෝන් එක බෙඩ් කබඩ් එක උඩට විසික් කරල දැම්මා....ඊයෙ රෑ අප්පච්චි ඇවිත් ආපහු කොළඹ යන්න වෙලා කියද්දි එකපයින්ම කැමති වෙලා සතුටෙන් නිදාගත්තත් නැගිටපු ගමන් කොහෙවත් ඉන්න ගෑණියක් හින්දා දිහාන්ගෙ ඔලුව අවුල් වෙලා....දිහාන්ගෙ විසි දෙවෙනි බර්ත්ඩේ එක මේ සතියෙ බ්‍රහස්පතින්දා....හරියටම තව දවස් තුනයි....එදාට නිසලි ගෙදරටම කේක් උස්සන් එන්න ප්ලෑන් කරල දෙනෙත්ට කනෙන් කොනෙන් ආරංචි වෙලා....කේක් උස්සන් ඇවිත් ඔය ගෑණු නිකන් ඉන්නෑ කියල දිහාන් හොඳටම දන්නව....
'රට ගිනිතියල හරි මාව අල්ලගන්න වෙන්නැති ගෑණිගෙ ප්ලෑන....බලමුකො අල්ලගන්න හැටි....බර්ත්ඩේ එක දවසට මෙහෙ ඉදන් මම ඕකිට හීක් ගාවන්නම්...'
අඩියට දෙකට ඇඳෙන් බැස්ස දිහාන් කෙලින්ම ගියෙ අප්පච්චිලගෙ කාමරේට....කොල්ලව දැක්ක සිරිවර්ධනගෙ මූණෙ ඇඳුනෙ හිනාවක්....
"මොකෝ දැන් ඇඳුම් හදාගත්තද...."
"සොරි අප්පච්චි මට යන්න බෑ....අම්මා එක්ක ටූ වීක්ස් ඉඳල එන්නම්...."
.
.
.
.
.
.
.
"අම්මලා පුතාලා ඔනෑ දෙයක් කරගන්න...."වෙනදට සාගරී කියන වචන ටික වෙනස් කරල කියපු බ්‍රිගේඩියර් මහත්තයා යන්න පිටත් උනේ මූණ එල්ලගෙන.....ඒ ගියාට පස්සෙ දිහානුත් කාමරේට රිංඟගත්තා රිංඟගත්තමයි පේන්නවත් නැති හින්දා සාගරී හිටියෙ මිදුලට බැහැලා කැරකි කැරකි....සාගරී කවදත් පරිසරයට ආදරේ කරපු කෙනෙක්....කොළඹ ගෙදර උනත් සාගරී හරි හරියට මල් වවල මල් වත්තක් කරල තියෙන්නෙ ඒකනෙ...
නිකේතනේ හැදෙන්නෙ ටිකක් උඩට වෙන්න හින්දම වටේට ගහල තියෙන තාප්පෙට හේත්තුවක් දැම්මම වටපිටාව සම්පූර්ණයෙන්ම පේනවා....ඈතින් පේන මීදුම් බාපු කඳු පන්ති , කොල පාට ගස් කොලන්....පහලින් පේන කොන්ක්‍රීට් කරල තියෙන ගමේ පාර....ඊයෙ හවස වැටුන පොඩි වැස්ස හින්දා වතුර ටිකක් වැඩිවෙලා තියෙන ඔය....ඉස්කෝලෙ යන ගමේ පොඩි ලමයි....ඇත්තනෙ අද සඳුදනෙ...ඉස්කෝලෙ දවසක්...වටපිටාවෙ සුන්දරත්වයට ඇලිලා ඉඳපු සාගරීගෙ ඇස් එකපාරම අල්ලගත්තෙ කොන්ක්‍රිට් පාර දිගේ උඩ පැන පැන එන පුංචි එකෙක්....සුනිල්ගෙ අතේ එල්ලිලා සුදු පාටම ඇඳගෙන චූටි කලු සපත්තු දාලා ඉස්කෝලෙ යන කිරියා සුරදූත පැටියෙක් වගේ කියල සාගරීට හිතුනා....හිත පුරා ඇතිවුණ ලෝභකමත් එක්කම සාගරී ඇස් පිය නොහෙලා කිරියා දිහා බලන් හිටියා....
YOU ARE READING
විදූ
Romanceසමාවෙයන්... මුල්ම ආදරේ උඹ වෙනුවෙන් ඉතිරි කර නොගත්තට... ඒත් , මගේ අවසානම ආදරේ... උඹ... උඹම විතරයි මගෙ විදූ... __________________________________________ විදූ විදුල් දෙව්සිත × දිහාන් දෙව්මික Start - 2024.05.23 End - 2024.06.25