"දැන් ඒ කියන්නෙ උඹලා කපල්...."
"හ්ම්ම්...'
"අඩෝ අඩෝ කන්ග්‍රැජුලේශන්ස් බොක්ක...ඒ උනාට උඹලා කපල් උනා කියන්නෙ මට හුලන්...මොනවා උනත් මම බලාන හිටියෙ ගිනිපුක් උඹව එපා කීව ගමන් බාරගන්න...."
"ඇයි අර මේකලා මදිද...."
සති අන්ත නිවාඩුව පාපොච්චාරණ තේ හදන්න ඉගෙන ගැනිලි පලවෙනි හාදුව අනම් මනම් එක්ක ගෙවිලා ගිහින් තියෙද්දි විදුල් අද උදෙන්ම කැම්පස් ආවෙ දිහාන් එක්කම....වෙනදා වගේම ගේට් එක ගාවටම කොල්ලා එක්ක ආව දිහාන් කොණ්ඩෙත් හදල ඔලුවත් අතගාලා යන්න ගියෙ සුජාන් එක්ක පරිස්සමට එන්න කියල....දිහාන් ගියා විතරයි සුජාන් ඕපාදූප ඇහිල්ල පටන් ගත්තා වෙද්දි ජෝඩුවම ගේට් එකෙන් ඇතුලට ගියෙ ලොකු කයියක් දාගෙන...
"මේකලා කියද්දි මතක් උනේ අහපන්කො....එදා හවස මේකලා මට කතා කරානෙ....අඩෝ ඒකි මට කැමතියි වගේ හිතෙනවා බන්....කැමති වෙයිද...."
"මටත් හිතුන විදිහට කැමතියි තමා සුජා.....එදා මාර කලබලේකින් ඇවිත් මගෙන් සුජාන් කෝ කියල ඇහුවෙ...."
"මේ කෙල්ලන්ගෙත් මාර කැටයම නේ....බලහන් මම අච්චර දවස් පස්සෙන් ගියා නිකමට මූණ බැලුවෙ නෑ....ආවෙ නැති ගමන් හොයනවා...."
"ඒ කෙල්ලොන්ගෙ හැටිලු අපෙ නැන්දා කීවෙ....ආ එදා නැන්දත් දැක්කා මේකලාව...."
"නෑ...."
"නෑ නෙවේ ඔව්...මං කීවා සුජාන්ගෙ කෙල්ල කියල..."
"යකෝ උ...."
"කිරි මල්ලි ඔහොම හිටපන්...."
කොල්ලො දෙන්නගෙ කතාවෙ තරමට ළඟටම ආව බ්‍රැන්ඩිව දෙන්නටම නොපෙනුනා වෙද්දි බ්‍රැන්ඩි විදුල්ගෙ කාඩ් එක කියල කතා කරද්දි විදුල් හැරිලා බැලුවා....
"අඩෝ මූ මොකද....දුලා උඹ මං නැති දවසෙ පිස්සුවක් කෙලියෙ නෑනෙ..."
බ්‍රැන්ඩිව දැකපු ගමන් සුජාන් විදුල්ගෙ කන ගාව මුමුණද්දි මොනවත් නොකීව විදුල් බ්‍රැන්ඩි දිහා ප්‍රශ්නාර්ථ බැල්මකින් බලා හිටියා....
"බ්‍රැන්ඩි අයියෙ මොකෝ කේස් එක...."
"දිගා උඹ පලයන් මට මූ එක්කයි කතාව තියෙන්නෙ...."
YOU ARE READING
විදූ
Romanceසමාවෙයන්... මුල්ම ආදරේ උඹ වෙනුවෙන් ඉතිරි කර නොගත්තට... ඒත් , මගේ අවසානම ආදරේ... උඹ... උඹම විතරයි මගෙ විදූ... __________________________________________ විදූ විදුල් දෙව්සිත × දිහාන් දෙව්මික Start - 2024.05.23 End - 2024.06.25