40 කොටස

3.2K 447 81
                                    

දවස් ගෙවිලා යන්නෙ හරි වේගෙන්....අනුරාධිව මුණ ගැහිලා සති තුනකුත් පහුවෙලා තියෙද්දි කිසි ප්‍රශ්නයක් නොවී අයියගෙ නැන්දගෙ මාමගෙ ආදරේ මැද්දෙ විදුල්ගෙ එදිනෙදා වැඩ කටයුතු කරගත්තා....

අද කැම්පස් දවසක් වෙද්දි ලෙක්චර්ස් ඉවර වෙලා සුජාන් එක්ක ගේට් එක ගාවට ආව විදුල් දිහාන් එනකල් බලා හිටියා....මේ මුලු කාලෙම දිහාන් විදුල්ව එක්කගෙන යන්න ආවා වෙද්දි කොල්ලාට දැන් සෑහෙන කාලෙකින් බස් එකක යන්න උනේම නැති තරම්....හවස බඩගිනි කියල දඟලනකොට දිහාන් පුරුදු රෙස්ටොරන්ට් එකේ නවත්තලා මොනවහරි අරන් දුන්නත් ආයෙ අනුරාධිගෙ හෙවනැල්ලක්වත් වැටුනෙ නැති එකත් විදුල්ට සතුටක් වෙලා තිබ්බා....

කලින් දවස් කොහොම උනත් අද කැම්පස් ආවම ආරංචි උන දේවල් නම් විදුල්ගෙ හිතට අමුත්තක් එකතු කරල තිබ්බා....

"සුජාන් දැන් ඇත්තටම බ්‍රැන්ඩි හිරේලුද ..."

"නැත්තන් උඹ හිතුවද කට්ටිය බොරු කියනවා කියල...හොඳම වැඩේ පරයට....වෙන්න ඕනි හොඳම දේ උනා...."

"හ්ම්ම්....අයියා ආවා යන් සුජාන්...."

ඒත් එක්කම දිහාන් ගේට් එක පේන මානෙ වාහනේ නවත්තද්දි සුජානුත් විදුල් එක්කම ගියෙ හෝල්ට් එක ගාවින් බහින්න හිතාගෙන....පාඩුවෙ හිටියට විදුල්ගෙ හිතේ අද සෑහෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා...ඒක අයියගෙන් අහනකල් කොල්ලට සැනසීමක් නැති තරම්.....සුජාන්ව හෝල්ට් එකෙන් දාපු දිහාන් වාහනේ ගෙවල් පැත්තට නැතුව වෙන පැත්තකට හරවද්දි ගෙදර යන්න තදියමේ ඉඳපු විදුල් දිහාන් දිහා බැලුවෙ මූණ එල්ලන්....

"අනේ ගෙදර යන්කො අයියෙ....කොහෙවත් යන්න බෑ...."

"මේ මොකෝ කවදාවත් නැතුව ..ම්ම්..."

ඩ්‍රයිව් කරන ගමන්ම විදුල්ගෙ නළලට අත තියල බලපු දිහාන් ඇඟ රස්නෙයක් එහෙමත් නැති එකේ විදුල් දිහා බැලුවෙ පුදුමෙන්....වෙනදට රවුම් ගහන්න උඩ පැනගෙන එන කොල්ලා අද ගෙදර යන් කියද්දි පුදුම නැද්ද....

"විදූ ඇයි...."

"අයියෙ මට ප්‍රශ්නයක් තියෙනවා....මට ඒක ඔයාගෙන් අහන්න ඕනි..."

විදූWhere stories live. Discover now