15 කොටස

3.9K 565 102
                                    

ඇඳුමක් දාගෙන පහලට ආව දිහාන් සාලෙ දිහා කවුරුත්ම පේන්න නැති එකේ කෙලින්ම ගියෙ කුස්සියට....එලියට ඇහෙනවා නැන්දගෙයි චූටි පුතාගෙයි කයිවාරුව....

"ගුඩ්මෝනින් බබා....කිරි හදන්නද..."

"ම්ම්...."

එහෙමම සාගරී ගාවින්ම හේත්තුවක් දාපු දිහාන් අම්මා කිරි එක හදන දිහා බලා හිටියා...අවුරුදු අටකට පස්සෙ අම්මගෙ කිරි එක බොන්න යන්නෙ....ජීවිතේ එක කාලෙක ගත්ත වැරදි තීරණයක් හින්දා දිහාන්ට අවුරුදු ගානක් මේ වගේ පොඩි පොඩි ආදරණීය දේවල් මිස් උනා....වැරදි තීරණේ හින්දමයි කියන්නත් බෑ මොකද දිහාන් ලංකාවට එන්නැතුව එහෙට වෙලා හිටියෙ එයාගෙ ඕනිකමට මිසක් බූට් කාපු දුකකටම නෙවෙයිනෙ...විදුල් තවම පුටුවෙ ඉඳගෙන නිදිකිරනවා....

"චූටි පුතා ගිහින් මූණ හෝදගන්නකෝ....කීපාරක් කීවද දැන්....ඔය ආයෙ නින්ද යනවා නේද...."

"මෙයා තව මූණ හෝදලා නැද්ද අම්මා...."

"නෑ බබා බලන්නකො....තව ටික්කින් තව ටික්කින් ගගා ඉන්නවා....දැන් ඔහොම ඉඳලා ඔතනම නින්ද යනවා....කියන දේ අහන්නෑ හැමදාම උදේට ඔහොමයි....ඉස්කෝලෙ කාලෙ ඔහොම නෑ දැන් මේ ගෙදර ඉන්න හින්දා පෙරේතයෙක් වැහිලා ඉන්නෙ....දැන් ඔයා ඉන්න එකේ හදලා ගන්න මෙයාව....තියෙනවා මහ නරක පුරුදු ගොඩක් අපි කීවට අහන්නැති...."

සාගරී දිහාන් එක්ක හෝ ගාලා චූටි පුතාගෙ නඩු කියද්දි විදුල්ට නෙවෙයි මෙලෝකෙ දෙයක් ඇහෙන්නෙ....පාඩුවෙ නිදිකිරනවා....දිහාන් බලා ඉඳිද්දිම කකුල් දෙකත් පුටුව උඩට ගත්ත කොල්ලා හොඳට හරිබරි ගැහුනා...

"ඕන් බලන්න බබා....ඔය නිදියන්න හදන්නෙ හොඳට....මම උයලා ඉවර වෙනකල් ඕක තමා කරන්නෙ උදේට...."

"විදූ....නැගිටිනවා....!!"

දිහාන් ටිකක් කට සද්දෙන් කතා කරද්දි උඩ ගිහින් ඇහැරුන පොඩි එකා හෝන්දු මාන්දු වෙලා බලා ඉඳිද්දි සාගරී නම් කරේ මොනවත් දන්නෑ එයා මෙතන නෑ වගේ පාඩුවෙ දිහාන්ගෙ කිරි එක හදපු එක....

"හෙට ඉදන් උදේට මූණ හෝදලා මිසක් පහලට එන්නෑ....මූණහෝදන්නැතුව නයිට් කිට් එක පිටින් ගේ පුරා ඇවිදිනවා හරි කුස්සියෙ නිදි කිරනවා හරි අහුවුනොත් පට්ට ගහනවා ඉහේ ඉදන්....තේරුණාද...."

විදූWhere stories live. Discover now